තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි

ලෝක සෞඛ්‍ය සංවිධාන ලොක්කා කියයි
ඇතැම් රටවල ජනතාව මේ වනවිට කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් ඇතැම් රටවල සාප්පු සවාරි, රාත්‍රී සමාජ ශාලා ආදියේ මිනිසුන් පිරි ඉතිරි ඇති අතර එය ඉදිරි අවදානමකට හේතුවක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් ඊයේ පැවසීය.

ඊයේ සවස ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ සිට මාධ්‍ය ඇමතු වෛද්‍ය ටෙඩ්රෝස් තරුණ පරපුරෙන් ඉල්ලා සිටියේ මෙම සාප්පු සවාරි රාත්‍රි සමාජ ශාලා ආදියට යන තරුණ පරපුර තමන්ට කොවිඩ්වලින් එතරම් බලපෑමක් නොමැති බව සිතා කටයුතු කරන නමුත් ඔවුන්ට කොවඩ් හේතුවෙන් ඇතිවිය හැකි දිගු කාලීන අතුරුඵල සම්බන්ධයෙන් තවමත් ලෝකය විද්‍යාත්මක කරුණු හෙළිදරව් කරගෙන නොමැති බවය.

එබැවින් මෙසේ වගකීමකින් තොරව කොවිඩ් සම්බන්ධයෙන් දැනට අනුගමනය කරන මූලික සෞඛ්‍ය මාර්ගෝපදේශ මඟ හැරීම භයානක තත්ත්වයක් බව ඔහු අවධාරණය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ අද තරුණ පරපුර සිතාගෙන සිටින්නේ කොවිඩ් හේතුවෙන් ඔවුන්ට ලොකු බලපෑමක් එල්ල නොවන බවයි. මේ නිසා ඔවුන් මූලික ශාරීරික දුරස්ථ භාවය, අත් සේදීම මුව ආවරණ පැළඳීම, නිසි වාතනයක් සහිත ස්ථානවල කටයුතු කිරීම පොදු ක්‍රියාකාරකම් සීමා කිරීම වැනි සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිනොපදින තත්ත්වයක් තිබෙනවා. නමුත් මේ වනවිටත් කොවිඩ් වයිරස ආසාදනය වූ පුද්ගලයන්ට ශාරීරික වෙහෙස, හන්දිපත් රුදාව කාංසාව, මානසික අවපීඩනය වැනි සංකීර්ණ තත්ත්ව පවා ඇති වන බව හඳුනාගෙන තිබෙනවා. අපට තවත් දිගුකාලීනව මීටත් වඩා වෙනස් මට්ටමේ තත්ත්වවලට මුහුණ දෙන්න පුළුවන්. ඒ නිසා අප සූදානමින් කල්පනාවෙන් සිටිය යුතුයි. වගකීමෙන් ක්‍රියා කළ යුතුයි. යයි පැවසීය.

Exit mobile version