තම 8 හැවිරිදි දරුවාට කසිප්පු පෙවූ පියා අත්අඩංගුවට

තම 8 හැවිරිදි දරුවාට බලහත්කාරයෙන් කසිප්පු පෙවූ හල්දුම්මුල්ල නිඩ්වුඩ්වත්තේ වෙසෙන පියකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන අද බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ලෙච්චමින් සිවකුමාර් නැමැති 42 හැවිරිදි දෙදරු පියෙකි.


මෙම දරුවාට බලෙන් කසිප්පු පෙවීමෙන් පසු අධික ලෙස මත් වී අසාධ්‍යව සිටියදී 1990 ගිලන් රථ සේවයෙන් හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කර ඇත. පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි.

දරුවාගේ මව විදේශගතව සිටියදී මියගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

පියාද බීමට ඇබ්බැහි වූ පුද්ගලයකු බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.

Exit mobile version