තම ඇපල් ගෙඩිය ගත්තැයි ඇපල් සමාගමෙන් හැරීගේ සමාගමට බුද්ධිමය දේපළ නඩුවක්  

ලෝ සුපතල ඇපල් පරිගණක සහ ජංගම දුරකථන සන්නාමය වන ඇපල් සමාගම මෙරට සුපතල ව්‍යාපාරිකයකු වන හැරී ජයවර්ධනට අයත් ස්ටැසන් එක්ස්පෝර්ට්ස් සමාගමට එරෙහිව බුද්ධිමය දේපල නඩුවක් පවරා ඇත. මීට හේතු වී ඇත්තේ හැරී ජයවර්ධන මහතාගේ පූර්ණ අයිතිය යටතේ පවතින ස්ටැසන්ස් එක්ස්පෝර්ට්ස් සමාගම විසින් අලෙවි කරන හානා නැමැති තේ සන්නාමයට ඇපල් සලකුණ යෙදීමය.

නටුවෙහි පත්‍ර දෙකක් සහ දකුණු පස කා දැමූ සලකුණක් සහිත ඇපල් වෙළෙඳ සලකුණ 1977 දී ස්ටීව් ජොබ්ස් සහ ස්ටීව් වොස්නියැක් විසින් ආරම්භ කරන ලද ඇපල් සමාගමේ වෙළෙඳ සලකුණ වන අතර මෙම සංකේතයම කිසිදු ගෞරවාන්විත බවතින් හෝ සාදාචාර සම්පන්න බවකින් තොරව ස්ටැසන්ස් සමාගම තම තේ සන්නාමයට සුළු වෙනස්කමක් සහිතව ඉදිරිපත් කර ඇති  අතර මෙම සලකුණේ බුද්ධිමය දේපල අයිතියට හිමිකම් ප්‍රකාශ කරමින් කොළඹ වානිජ අධිකරණය වෙත මෙම නඩුව ඉදිරිපත් කර ඇත. පැමිණිලිකාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥයන් අධිකරණය හමුවේ ප්‍රකාශ කොට  ඇත්තේ 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතේ 134 වැනි වගන්තිය ප්‍රකාරව මෙම සමාගම තම ඇපල් ගෙඩියක වෙළෙඳ ලකුණ භාවිතයට අවසර නොදෙන ලෙස ද ඉල්ලා ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වසරේ ජනවාරි මාසයේ ගොනු කරන ලද මෙම නඩුවට අදාළ විභාගයක් පසුගිය 17 වැනදා පැවත් වී ඇති අතර වගඋත්තරකාර පාර්ශ්වයට තම පිළිතුරු අගොස්තු මස 17 වැනිදා ගොනු කරන ලෙස මහාධිකරණ විනිසුරු එම් අෂාන් ආර් මරික්කාර් මහතා එහිදී නියෝග කර ඇත.


Exit mobile version