තමා පත් කළ පාස්කු කමිටුවෙන්ම හිටපු ජනපතිට අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ

හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත නිලන්ත සිසිර, නන්දන සහ දේශබන්දුටත් අපරාධ චෝදනා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කරන ලද ජනාධිපති කොමිසම තම අවසන් වාර්තා මඟින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු , හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ තවත් ඉහළ පොලිස් නිලධාරීන් ගණනාවකට අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර තිබේ.

මෙම වාර්තාව අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදි මේ බව අනාවරණය විය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කොමිසමේදී දෙන ලද සාක්ෂි සහ පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් දෙන ලද සාක්ෂි පදනම් කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිරයාට එරෙහිව එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නිර්දේශ කර ඇත.

එමෙන්ම මෙම කොමිසම නිර්දේශ කර ඇත්තේ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් සහ බස්නාහිර පළාත භාරව සිටි හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ටද එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙසය. මෙම කොමිසම මඟින් ඉහත සඳහන් පුද්ගලයන් මෙම ප්‍රහාරය පිළිබඳව කලින් දැන අදාළ වගකීම් නිසා ලෙස ගෙන එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇත.


කෙසේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් යම් ගැටලු පැවතුණද ඔහු සම්බන්ධයෙන් විශේෂ නෛතික පියවර ගැනීම අවශ්‍ය නොවන බවද සඳහන් කර තිබීම විශේෂත්වයකි.මෙම පාස්කු ප්‍රහාරයේදී නම සඳහන් වූ එවකට ආණ්ඩුවේ ඇමතිවරයකු වූ අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් සම්බන්ධයෙන් සඳහන් ව ඇත්තේ පාස්කු ප්‍රහාරයේ කටයුතු සඳහා වැඩිම මූල්‍ය දායකත්වයක් දැක්වූ එම ප්‍රහාරයේදී මරාගෙන මැරුණු ඉබ්‍රාහිම් සහෝදරයින්ට අයත් තඹ කර්මාන්ත ශාලාවට නියමිත පටිපාටියෙන් තොරව තඹ ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ පනත යටතේ නඩු පැවරීම සම්බන්ධයෙන් කටයුතු කළ යුතු බවය.

මෙම කොමිසම 2019 අප්‍රියෙල් 21 පාස්කු ප්‍රහාරය සඳහා බලපෑ කණ්ඩායම ලෙස වහාබ් ආගමික දෘෂ්ටිවාදය දරන තව්හිත් කල්ලි බව දක්වා තිනෙ අතර ඔවුන්ට මෙම ප්‍රහාරය සඳහා පෙලඹවූ සාධකයක් ලෙස බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරකම්ද හේතු වී ඇති වට සාක්ෂි පවතින බවට සඳහන් කර තිබේ. එමෙන්ම බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරිය හැකි ද යන්න සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇත. ඒ, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) පදනම් කර ගනිමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් 2013 වසරේ පෙබරවාරි මස 17 වන දා මහරගමදී කළ ප්‍රකාශයක් සහ 2014 වසරේදී අලුත්ගමදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා මෙලෙස නිර්දේශ කර තිබේ.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයෙකු සඳහා වන්දි වශයෙන් රුපියල් මිලියන 02ක මුදලක් හා තුවාල ලැබූ අයෙකුට රුපියල් ලක්ෂ 05ක් ලබා දිමට ජනාධිපති කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇත.

Exit mobile version