තමන් යටතේ සිටි ජෙනරල්වරුන්ට ෆීල්ඩ් මාර්ෂල්ගෙන් පණිවිඩයක්….

තමන් යටතේ මානුෂීය මෙහෙයුමේ සේනාංක මෙහෙයවූ වීරෝධාර රණවිරුවන් ලෝකය ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම තමන් කිසිවිටෙකත් බලාපොරොත්තු නොවන බවත්, අහිසංක සාමකාමී ජනයාගේ නීත්‍යානුකූල අවිහිංසාවාදී අරගලය මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් නියෝග ලැබෙනවා නම් ඒ සම්බන්ධව සිය දහස් වාරයක් සිතා බලන ලෙසත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්නට සහ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා වෙත දන්වා සිටී.

අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ෂ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල්සහගත ලෝකයේම අප්‍රසාදයට  ලක්වන ක්‍රියාවලියක් වනු ඇති බවට දන්වමින් ජෙනරාල් සරත් ෆොන්සේකා සිය මුහුණු පොතේ තැබූ   සටහන මෙසේය.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මැතිතුමනි
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මැතිතුමනි.

මාගේ අණ හා විධානය යටතේ ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂිය මෙහෙයුමට සේනාංක මෙහෙයවු ඔබ, මේ මොහොතේ රට තුළ පැනනැගී ඇති අතිශයින් සාමකාමී සිවිල් ජන අරගලය මර්ධනය කිරීමට දූශිත පාලකයින් ලබාදෙන අනීතික නියෝග පිලිබඳව සියදහස් වාරයක් සිතා බලා කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කරමි.


දූෂිත අකාර්යක්ෂම රාජ්‍ය පාලනය නිසා රට තුළ උදගතවී තිබෙන ජීවත්වීමේ අර්බුදය හේතුවෙන් සාමාන්‍ය සිවිල් ජන සමාජය තුළ ඇතිවී තිබෙන පීඩනය සාමකාමී, අවිහිංසාවාදී ජනතා විරෝධතාවයක් ලෙස වීදි බැස තිබේ.

සිය බලය පවත්වාගැනීම වෙනුවෙන්  පීඩාවට පත්ව සිටින අහිංසක සිවිල් පුරවැසියන් මර්ධනය කිරීමට රාජපක්ෂ රජය දරන කුමන හෝ උත්සාහයක් ඉතා පිලිකුල්සහගත ලෝකයේම අප්‍රසාදයට  ලක්වන ක්‍රියාවලියක් වනු ඇත.

මා යටතේ මානුශීෂී මෙහෙයුමක නියමුවන්වූ වීරෝධාර රණශූරයන් ලොවක් ඉදිරියේ අපකීර්තියට හා අප්‍රසාදයට ලක්වීම කිසිවිටෙකත් මම  බලාපොරොත්තු නොවෙමි.

එබැවින් යලියලිත් මා ඔබට අවධාරණය කරන්නෙ දූෂිත පාලකයින් ලබාදෙන ජනතාවිරෝධී අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට පෙර සියදහස් වාරයක් සිතා බලන ලෙසයි.

ස්තුතියි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


-ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා.

 

 

Exit mobile version