ලලිත් චාමින්ද –
ශ්‍රිලංකාවේ විදේශිය ණය ප්‍රතිව්‍යුවගත කිරිම සාර්ථක කරගැනිමට නම් ඉදිරි වසර 04 තුළ විදේශිය රටවලින් ණය ගැනිම නවතා දැමිය යුතුව ඇති බැව් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරල පවසයි.
විදේශිය ණය ප්‍රතිව්‍යුවගත කිරිම යටතේ ණය ගෙවිම සදහා රජයට 2028 වසර වනතෙක් සහන කාලයක් ලැබි ඇති නිසා ණය ගෙවිමට ඩොලර් අවශ්‍ය නොවන බවද මහාචාර්ය වරයා පෙන්වා දෙයි.
එම නිසා මෙම වාසිදායක තත්ත්වය රටට සුභදායක තත්ත්වයට යොදා ගැනිම සඳහා ඉදිරි වසර වල දි විදේශිය රට වලින් ණය ගැනිම නවතා දැමිය යුතු බවද හෙතෙම පවසයි.
දිගින් දිගටම ඉදිරි වසර වලදිත් විදේශිය රටවලින් ණය ලබා ගැනිමට රජය කටයුතු කළහොත් කල්දැමු ණය මෙන්ම විදේශිය රටවලින් ලබාගත් එම ණය ද ගෙවිමට සිදුවිමෙන් දැඩි ආර්ථික අර්බුදයක් නිර්මානය වියහැකි බවද මහාචාර්යවරයා පවසයි.
එම නිසා මෙම කාලසිමාව තුළ ණය ගෙවිමට හැකි අයුරින් දේශිය ආර්ථිකය ශක්තිමත් කිරිමට පියවර ගතයුතුව ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
බාහිර ණය ඩොලර් බිලියන 37ක් , වාණිජ්‍යමය ණය ඩොලර් බිලියන 14.7ක් ,බහුජාතික ආයතනවලින් ලබා ගත් ණය ඩොලර් බිලියන 11.7ක් ද්විපාර්ශවිය ණය ඩොලර් බිලියන 10.5ක් ගෙවිමට ඇති බවද මහාචාර්ය වසන්ත අතුකොරල මහතා පවසයි.
මෙකි ණය වලින් ද්විපාර්ශවිය ණය හා විදේශිය වාණිජමය ණය ප්‍රතිව්‍යුහගත කිරිමට යොමුවි ඇති බවත් මේ වනවිට මෙරට එකපුද්ගල ණය ප්‍රමාණය 1,397,000ක් දක්වා වැඩිවි ඇති බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.