ඩෙස්මන් ටුටූ පියතුමාගේ අවමඟුලින් පැය කීපයකට පසු කේප්ටවුන් පාර්ලිමේන්තුව ගිනි ගනී…

අගරදගුරු ඩෙස්මන් ටුටූ පියතුමන්ගේ රාජ්‍ය අවමංගලෝත්සවයෙන් පැය කීපයකට පසු දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ පාර්ලිමේන්තු සභා ගර්භයේ  අද විශාල ගින්නක් හටගත්තේය.

ඩෙස්මන් ටුටූ පියතුමාගේ අවමංගලෝත්සවය පැවතුනේ පාර්ලිමේන්තුව අසල ශාන්ත ජෝර්ජ් ආසන දෙව්මැදුරේ ය.

ඉන් පැය කීපයකට පසු පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහල ප්‍රදේශය ගිනිගෙන තිබේ. ඒ සමගම එම ගොඩනැගිල්ලේ නව ඉදිකිරීම් සහිත   ජාතික සභා  පරිශ්‍රය ද ගිනිගෙන ඇති බව නගර බලධාරීහු පවසති.


ගොඩනැගිල්ලේ වහලෙන් විශාල ගිනිදැල් පිටවීමත් සමඟ කළු දුමාරයක් අහස පුරා යන ආකාරය වීඩියෝ දර්ශනවලින් දක්නට ලැබිණි.

ගිනි නිවන භටයන් දුසිම් ගනනක් ගින්න මැඩපවත්වමින් සිටියහ.  ගින්නට හේතුව කුමක්ද යන්න තවමත් පැහැදිලි නැත.

මූලික වාර්තා අනුව එය ගොඩනැගිල්ලේ කාර්යාල අවකාශයෙන් ආරම්භ වී එම ස්ථානයේ පිහිටි ව්‍යායාම ශාලාවක් දෙසට පැතිරී ඇත.

කේප් ටවුන් හි පාර්ලිමේන්තු මන්දිර කොටස් තුනකින් සමන්විත වේ. පැරණිතම කොටස වර්ෂ 1884 දක්වා දිව යයි. 1920 සහ 1980 ගණන්වල ඉදිකරන ලද නව  කොටස් ද එහි ඇතුළත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ද ඩේලි ටෙලිග්‍රාෆ් වීඩියෝ දර්ශන සහිතව සිද්ධිය වාර්තා කළේ මෙසේය.

Exit mobile version