ඩෙල්ෆ්ට් සමූහ ඝාතකයාගෙන් කඩු පහර කා පණ අදිමින් සිටි 100 හැවිරිදි මිත්තනිය දින 05කට පසු මිය යයි…

අසාධ්‍ය තත්ත්වයේ සිටි අවුරුදු 100ක් පමණවන මිත්තනිය...

ඩෙල්ෆ්ට් දූපතේ  සමූහ ඝාතන අපරාධයේ දී   බරපතල  තුවාල ලැබූ ජීවිතය ඉතිරිව තිබූ සියක් හැවිරිදි මිත්තනිය    යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (27) සවස මිය ගියාය.

ඩෙල්ෆ් ජැටිය අසල නිවසක පදිංචිව සිටි පිරිමින් දෙදෙනකු සහ කාන්තාවන් තිදෙනකු අප්‍රේල් 22 වැනි දින එම නිවස තුළදීම තියුණු ආයුධවලින් කපා අමානුෂික ලෙස ඝාතනය කර තිබිණි. එහිදී එම ප්‍රහාරයෙන්  බරපතළ තුවාල ලැබූ යාපනය ප්‍රදේශයේ පදිංචි 100 හැවිරිදි මිත්තනිය ප්‍රහාරයෙන් දින පහකට පසු මියගොස් ඇති බව පොලිසිය කීවේය.

ඩෙල්ෆ්ට් හය මිනිස් ඝාතනයේ සැකකාර ඝාතකයා….

ඔහු ඝාතනය කර පලායන්ට සැරසෙද්දි බුරාගෙන පනින ලද සුනඛයෙකුට ද කොටා තිබිණි. එම සුනඛයාත් ඊයේ මිය ගියේය.

පසුගිය සතියේ මෙම සාහසික අපරාධය සිදු කළ ද්විත්ව පුරවැසියෙකු බව කියන පුද්ගලයා ඩෙල්ෆ්ට් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකරු සන්තකයේ තිබී රන් මාල 3ක්, රන් වළලු ජෝඩු 2ක්, මුදු 8ක්, කරාබු ජෝඩු 1ක්, රන් පෙන්ඩන්ට් 1ක් සහ ජංගම දුරකථන 2ක් පොලිස් භාරයට ගෙන තිබේ.

Exit mobile version