ඩෙල්ෆ්ට් නාගදීප හා අනලතිව් දූපත්වලට ඇතුළුවීම තහනම්….

දිනසේන රතුගමගේ –

යාපනයේ දූපත් ප්‍රදේශ වලට කොවිඩ් වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම පිණිස පිටස්තර පුද්ගලයින්ට යාපනයේ නාගදීපය ඩෙල්ෆ්ට් හා අනලතිව් දූපත් වලට යාම 7 දා සිට තාවකාලිකව තහනම් කොට ඇති බව යාපනය දිසාපති කාර්යාලය නිවේදනය කොට තිබේ.

දිවුලපිටියේ සිට කොරෝනා රෝගය වැළදී යාපනයට පැමිණි කාන්තාව  පුංගුඩුතීව් ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර යාපනයේ සියලුම දූපත් වලට ගමන් ගන්නා කූරිකඩ්ඩුවාන් ජැටිය පිහිටා ඇත්තේ පුංගුඩුතීව් වලට ආසන්නයේ බැවින් මේ තීරණය ගෙන තිබේ.

මේ තහනම නිසා පිටස්තර පළාත් වලින් පැමිණෙන කිසිවෙකුටත් නාගදීපය ඩෙල්ෆ්ට් හා අනලතිව් දූපත් වලට යාමට අවසර ලබා නොදෙන අතර කූරිකඩ්ඩුවාන් ජැටියේදී බෝට්ටු වලින් ගමන් ගන්නා මගීන් දැඩි ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ දූපත් වාසීන් සිටින්නේ ඉතා ස්වල්ප සංඛ්‍යාවක් බැවිනුත් ඔවුන්ට විශේෂ හැදුණුම්පතක් ඇති නිසාත් පිටස්තර පුද්ගලයින් එම දූපත් වලට යාම ඉතා පහසුවෙන් වළක්වා ගැනීමට ආරක්ෂක අංශ වලට හැකි වී තිබේ.

 

Exit mobile version