ඩෙල්ෆ්ට් දූපතේ මාතා ප්‍රතිමාව කඩා බිඳ දමයි!

දිනසේන රතුගමගේ –

යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ පස්වන පටුමග   අසල පිහිටුවා තිබූ මාතා පිළිමය කිසියම් පිරිසක් විසින් ඊයේ 21 දා කඩා බිද දමා තිබේ.

ප්‍රදේශවාසීන් විසින් වන්දනාමාන කිරීම සඳහා මෙම මාතා පිළිමය  තැන්පත් කොට සකසා තිබූ සුරුවමටද එම පිරිස අලාභහානි සිදු කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබදව ඩෙල්ෆ්ට් කතෝලික දේවස්ථානයේ පියතුමා විසින් ඩෙල්ෆ්ට් පොලීසියට පැමිණිලි කොට ඇති අතර පොලීසිය මාතා පිළිමය හා සුරුවම කඩා බිද දැමූ පිරිස අත් අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කොට තිබේ.


Exit mobile version