ඩෙල්ටා රටේම පැතිරෙන හැඩ – ඩෙල්ටා මෙල්ල නොවන එන්නත් ගේන්න බලධාරීන් වැඩ

කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය තව මාස කිහිපයකින් ශ්‍රි ලංකාවේ පැතිරෙන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් එවැනි තත්ත්වයක් තුළ මෙරට ඉදිරි එන්නත්කරණ වැඩසටහන්වලදී ඩෙල්ටා වෛරසයට එරෙහිව සාර්ථක ව ක්‍රියා කරන බවට විද්‍යාත්මකව තහවුරු වූ එන්නත් පමණක් භාවිතයටගත යුතු බවත් ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් පුනාන්දු මහතා පවසයි.

අද (26) ඩේලි මිරර් පුවත් පතට අදහස් දක්වමින් වෛද්‍යවරයා පවසා මෙවැනි පසුබිමක් තුළ ශ්‍රි ලංකාවේ ඖෂධ බලධාරීන් ඩෙල්ටා වෛරසය සම්බන්ධයෙන් කිසිදු විද්‍යාත්මක දත්ත නොමැති එන්නතක් මෙරට භාවිතය සඳහා අනුමත කොට තත්ත්වය අවුල් කිරීමට කටයුතු කරන බවත් තමන්ට පෙනී යන බවය.

මෑත කාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත්කරණය පිළිබඳ ඇගයීමේ විශේෂඥ කමිටුවේ මෙන්ම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයකු ලෙසද ක්‍රියා කළ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා මේ වනවිට මුළු ලෝකයේම වැඩිම තැනක අරක් ගෙන සිටින්නේ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය බවත් මෙම ප්‍රභේදය හේතුවෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යව අඩු කර ගත හැක්කේ ඒ හමුවේ සාර්ථකව ක්‍රියා කරන එන්නත් ලබා දීමේදී වයස් කාණ්ඩ අනුව ප්‍රමුඛත්වය ලබා දීමෙන් බව පෙන්වා දෙයි.එන්නත් බෙදා හැරීම සම්බන්ධ ජාත්‍යන්තර සම්මතයද එසේ වන බවත් ෆයිසර් එන්නත් බෙදා හැරීමේදී එහි විනිවිද භාවයක් නොතිබුණු බව සඳහන් කළ අතර මෙරට එන්නත්කරණයේදී එය ප්‍රදේශ පදනම් කරගෙන සිදුවුවද එය සිදුවිය යුත්තේ වයස් කාණ්ඩ පදනම් කරගෙන බව පෙන්වා දුන්නේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන සංචරණ සීමා ලිහිල් කිරීම් සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මේ වනවිට මංගල උත්සසව අවස්ථා වැනි කටයුතුවලදී ලබා දී ඇති සහනය සුපිරි පතුරුවන්නට් අවසථාවක් විය හැකි බනටද අනතුරු අඟවයි..

Exit mobile version