ඩෙංගු හැදුණු අයට කොරෝනා අවදානම අඩුයි

ශ්‍රියානි විජේසිංහ

ඩෙංගු රෝගය ‌ෙගාදුරු වූ පුද්ගලයින්ට කොරෝනා වෛරසයෙන් සිදුවන බලපෑම ඉතාමත් අඩුබව ඇමරිකාවේ ඩියුක් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් බ්‍රසීලයේ දී කරන ලද පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි කොළඹ මහ නගර සභාවේ හිටපු ප්‍රධාන වෛද්‍ය නිලධාරී ප්‍රදීප් කාරියවසම් මහතා සදහන් කරයි.

මෙහිදී ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් පසු ශරීරය තුළ ගොඩනැගෙන ප්‍රතිදේහ කොරෝනා වෛරසය මර්දනය කිරිමේ හැකියාවක් ඇති බව සොයාගෙන ඇතැයි ඒම පර්‌යේෂණයෙන් වැඩිදුරටත් තහවුරු වී ඇතැයි හෙතෙම පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යන රටවල් වලට කොරෝනා වෛරසයේ දැඩි බලපෑම් එල්ල නොවනු ඇතැයිද එම එම පර්යේෂණයෙන් තහවුරු වී ඇතැයි වෛද්‍ය කාරියවසම් මහතා සදහන් කරයි.

Exit mobile version