ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් පිරී යයි… පර්යන්ත රෝහල් සූදානමින්!

dengue

ශ්‍රියානි විජේසිංහ –                                          

ඩෙංගු රෝගීන්ගෙන් ප්‍රධාන රෝහල් පිරීයාමත් සමග ඉදිරියේදී පර්යන්ත රෝහල් ද සූදානමින් තැබීමට  කටයුතු  කරමින් පවතින බව ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි   සඳහන් කරයි 

මේ වන විට ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 67ක් තිබෙන බැවින් සතිපතා වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් ඇති බව ඇය කීවාය. 

මේ වන විට ඩෙංගු රෝගීන් 41 583ක් වාර්තා වී ඇති අතර ඉන් සියයට 25ක්ම  අවුරුදු 5 – 19 අතර වයස් කාණ්ඩයේ අයත් වූවන් වන අතර  සියයට 62ක්ම වයස ක්ද අවුරුදු 20  ඉක්ම අය බව ද පැවසේ. 

කෙසේ නමුත් දැනට වාර්තා වී ඇති රෝගීන්ගෙන් 25 දෙනෙකු මරණය පත්ව ඇතැයිද වෛද්‍ය විමල්කා පන්නිලහෙට්ටි   සදහන් කළාය.


රටතුළ  තවමත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් නිර්මාණය වී නොමැති බැවින් දැනට පවතින වංසගත තත්ත්වය  පාලනය කර ගැනීමේ හැකියව තිබෙන බවද ඇය කීවාය. 

මදුරු මර්දනය සඳහා  පසුගිය කාලයේදී ඉවක් බවක් නොමැතිව දූමායන කටයුතු සිදුකළ බැවින් මදුරුවන් ඊට ප්‍රතිරෝධතාවක් දක්වන තත්ත්වයක් ඇති බවත්,  දූමායන කටයුතු සිදු කළ යුත්තේ මදුරුවන් ගැවසෙන උදේ සහ සවස් කාලයට පමණක් බවත් වෙද්‍යවරිය පෙන්වා දුන්නාය.

දූමානයන මගින් නිකුත් කරන රසායනික බිදිති වාතයේ  විනාඩි 30ක් පමණ කාලයක් රැදෙන බැවින් එම කාලය තුළ මදුරුවන් එම බිදිමත නොගැටුණහොත් ඉන් පලක් නොව බව සොයා ගැනිම හේතුවෙන් දූමායන කටයුතු සීමා කර ඇතැයිද ඇය කිවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති ප්‍රවෘත්ත සාකච්ඡා‌වේදී වෛද්‍යවරිය  මේ   අදහන් පළ කළාය.

Exit mobile version