ඩෙංගු මදුරු තවාන් වැඩිපුරම හමුවෙලා තියෙන්නේ නිවාස ඇතුළෙ…

ශ්‍රියානි විජේසිංහ –                                                  

කොළඹ නගර සීමා බල ප්‍රදේශය   මදුරු මර්දන කටයුතු වලදී සිදුකළ  පරික්ෂා කිරිම්වලින් ඩෙංගු මදුරු කීටයන් වැඩි වශයෙන් සිට ඇත්තේ නිවාස ඇතුළත විම විශේෂත්වයක් බවත් වැඩිම කීටයන් සිට ඇත්තේ මුළුතැන්ගෙයි   වතුර එක්රැස්වන ස්ථානයන්ගේ බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්ත කුමාර   පැවසුවේය.

ඩෙංගු මදුරු කීටයන්  සිටි නිවාස 31ක් සොයා ගත් අතර ඉන් නිවාස 12 ම මදුරු කීටයන් සිට ඇත්තේ මුළුතැන්ගෙයි සින්ක් එක යට වතුර රැදෙන භාජනවල, ශීතකරණය ඇතුලත , වැසිකිළි පෝච්චිය වසන පියන දාරයේ ආදී ස්ථානයන්ගේ බව හෙතෙම පැවසුවේය.

කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුල දින තුනක් පුරා  (24, 25, සහ 26) ඩෙංගු මර්දන වැඩ සටහන් ක්‍රියාත්ම කරනු ලැබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ දිස්ත්‍රික්කය  තුල ඩෙංගු රෝගීන් 4682ක් මේ වන විට හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම පිරිස කොළඹ නගරසිමා බල ප්‍රදේශයෙන් වාර්තා වන බව ඩෙංගු මර්දන වැඩ සටහන සඳහන් කරයි. 


Exit mobile version