ඩුබායිවලට පැන සිටි කෙසෙල්වත්තේ දිනුක හදිසියේ මිය ගිහින්?

ඩුබායි රාජ්‍යයට පැන ගොස් එහි ජීවත් වන මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල අපරාධ මෙහෙයවන්නකු වන ආර්.ඒ දිනුක මධුෂාන් හෙවත් ‘කෙසෙල් වත්තේ දිනුක’ නැමැත්තා හෘදයාබාධයකින් මියගිය බවට නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඔහු මීට ටික දිනක පටන් අසනීපයෙන් පෙළුනු අතර ඔහු මිය ගිය බවට ඔහුගේ සමීපතයින් මෙම තොරතුරු ලබා දී ඇත.

මේ වනවිට ජාත්‍යන්තර පොලිසියෙන් ඔහුට එරෙහිව රතු නිවේදන ද නිකුත් කොට ඇති තත්ත්වයක් මත රහසිගත ජීවිතයක් ගත කරමින් සිටියදී ඔහු මෙලෙස හදිසියේ අසනීප වී ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.


ඔහු මියගිය පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන ඇතැයි ද වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිනුක නැමැත්තා මීට වසර කිහිපයකට පෙර ඩුබායි රාජ්‍යයට පැන ගොස් එහි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවා ඇති අතර ඔහු අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට සහ අධික දුම් බිමට ඇබ්බැහි ව සිටි බව ඩුබායි හි ඔහුට සමීප ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version