ඩිජිටල් ඔත්තු බැලීම් ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

මිනිසුන්ගේ පුද්ගලිකත්වය සඳහා ඇති අයිතිය නවීන ජාලගත ඩිජිටල් තාක්‍ෂණයන් භාවිතයෙන් වැඩි පීඩනයකට ලක්වෙමින් පවතින බවත්, එමගින් ජනතාවට නීරික්ණෂයටත් පාලනයටත් සහ පීඩනයත් පත්කරන ප්‍රබල මෙවලමක් බවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය පවසයි.

මේවන විට ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සංවිධාන සැසිවාරයේදී පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිිරීම සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් නිකුත් කරමින් ජගත් සංවිධාන බලධාරීන් විසින් මේබව අනාවරණය කරනු ලැබීය.

ඒ අනුව නවීන ඩිජිටල් උපකරණ මගින් සුුදුකර නීර්ක්ෂණය කිරීම් ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය සහ ප්‍රමිතීන් උල්ලංඝණය කිරීමක් බවද අදාල වාර්තාවෙන් පෙන්වා දී තිබේ.


මෙම වාර්තාව මගින් ඩිජිටල් යුගයේ පුද්ගලිකත්වය පිළිබඳ ප්‍රධාන අංශ තුනක් දෙස අවධානය යොමුකර තිබිණි. ඒ අනුව රාජ්‍ය බලධාරීන් විසින් ආක්‍රමණශීලී අනවසරයෙන් ඇතුළුවීමේ මෙවලම් (“ඔත්තු මෘදුකාංග”) භාවිතා කිරීම; අන්තර්ජාලය හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී ශක්තිමත් සංකේතන ක්‍රමවල ප්‍රධාන භූමිකාව; සහ නොබැඳි සහ මාර්ගගත යන දෙකෙහිම පොදු අවකාශයන්හි පුලුල්ව පැතිරුනු ඩිජිටල් නිරීක්ෂණයේ බලපෑම් යන කාරණා කෙරෙහි අවධානය යොමුව තිබිනි.

මෙහිදී ඊශ්‍රායලය විසින් නිර්මාණය කළ පෙගසස් මෘදුකාංගය සම්බන්ධයෙන්ද අවධානය යොමුව තිබිණි. මෙහිදී පසුගිය කාලයේදී එක්සත් ආරබි එමීර් රාජ්‍යයේ බලධාරීන් එය ඔත්තු බැලීමට යොදා ගත් අකාරය කරළියට පැමිණි තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ත්‍රස්තවාදයට සහ අපරාධවලට එරෙහිව සටන් කිරීම සඳහා යොදවා ඇති බව පැවසෙන මෘදුකාංග බොහෝ විට නීති විරෝධී හේතූන් සඳහා භාවිතා කර ඇති බවද , විවේචනාත්මක හෝ විරුද්ධ අදහස් සහ මාධ්‍යවේදීන්, විපක්ෂ දේශපාලන පුද්ගලයින් මර්දනය කිරීමට යොදාගෙන ඇති බව අදාල වාර්තාවේ සඳහන් වේ.

Exit mobile version