ඩලස් අගමැති ‍වෙනවාට බැසිල් විරුද්ධ වෙයි !

Dullas Alahapperuma

යෝජිත සර්ව පාක්ෂික අන්තර්වාර පාලන ආණ්ඩුවේ අග්‍රමාත්‍ය තනතුරට ඩලස් අලහප්පෙරුම මහතා පත් කිරීම පිළිබඳව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා දැඩි සේ විරෝධතාවක් දක්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහු මේ විරෝධතාව ඉදිරිපත් කර ඇත්තේ ඊයේ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු දේශපාලඥයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවේදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට රජයේ පාර්ශ්වය නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධ වූ අතර ඔහු පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිවකු තම පාර්ශ්වයෙන් යෝජනා නොවන බවය. එහිදී කණ්ඩායම මේ වනවිටත් කරළියට පැමිණ ඇති ඩලස් අලහප්පෙරුම මහතාගේ නම යෝජනා කොට ඇති අතර මේ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර ඇති බව මෙම ආරංචි මාර්ග පවසයි. එසේ වුවද බැසිල් රාජපක්ෂ මහතා විමල් වීරවංශ , උදය ගම්මන්පිල, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු නියෝජිතයන් වෙත පවසා ඇත්තේ ඔවුන්ගේ පාර්ශ්වයෙන් වෙනත් පුද්ගලයකුගේ නමක් යෝජනා කරන්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කරන ලෙසය. එම පාර්ශ්වයෙන් අගමැතිවරයකු පත්වුවහොත් බොහෝ දුරට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ පොදු පෙරමුණු මන්ත්‍රි කණ්ඩායම විපකෂයේ අසුන් ගැනීම කෙරහිද අවධානය යොමු ඇතැයි මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

Exit mobile version