ඩයනා ගමගේ පක්ෂයෙන් නෙරපයි

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මියගේ සමගි ජන බලවේගය පක්‍ෂ සාමාජිකත්වය තහනම් කර තිබේ.

විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ සභාපති සජිත් ප්‍රේමදාස මහතා මේ බව ඇය වෙත ලිඛිතව දන්වා තිබේ.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ සන්ධානගත සියළු පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම විසින් ඒකමතිකව තීරණය කර ඒ අනුව කටයුතු කරන්නැයි විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක විසින් “ත්‍රිත්ව ඉරි විධානයක්” ද නිකුත් කිරීමට කටයුතු කරන ලදි.


එහෙත් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළව පාර්ලිමේන්තුවේ ඡන්දය විමසන අවස්ථාවේදී, සමගි ජන බලවේගය ඒකමතික තීරණයද, ත්‍රිත්ව ඉරි විධානයද උල්ලංඝණය කරමින් සංශෝධනයට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් පක්ෂයේ විනය කඩකිරීමක් සිදු කොට ඇති බව නායකත්වය තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සමගි ජන බලවේගය පක්‍ෂයේ කීර්ති නාමය හෝ යහපැවැත්ම හා උන්නතිය තකා ඇයගේ පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමටත් පියවර ගත් බව සජිත් ප්‍රේමදාස මහතා යැවූ ලිපියේ සඳහන් ය.

Exit mobile version