ඩයනාගේ හොර පාස්පෝට් නඩුව නිසා අධිකරණ පරිශ්‍රයත් උණුසුම් වෙයි…  නඩුවට අදාල සියලු සටහන් අධිකරණය ඉල්ලයි!

Dayana-Gamage

අද (02) කැඳවූ  රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ‍ හොර පාස්පෝට් නඩුව දෙපාර්ශවයේ නීතිඥයින් අතර උණුසුම් වචන හුවමාරුවක් මැද ලබන 23 වැනිදා නැවත කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කළේය.  

ව්‍යාජ ලෙස සකස් කළ බවට චෝදනා එල්ලවන  ඩයනා ගමගේ ගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා අදාල පැමිණිල්ල ගොනු කර තිබිණි.

පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ ම ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු   සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා නඩුව යළි 23 දා කැඳවීමට තීරණය කළේය.

එම තීරණයට  පෙර  ඩයනා ගමගේ ගේ පුරවැසිභාවය හා විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව මේ දක්වා සටහන් කරගෙන තිබෙන සියලු ප්‍රකාශවල පිටපත් මේ මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්   අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


එම නඩු කටයුතු සඳහා නීතිපතිවරයාගේ සහාය ලබා ගැනීමට තමන් තීරණය කරන බව සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඒ බව නීතිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දෙන   බවත් කියා සිටියේය.

නීතිපතිවරයාගේ සහාය ගැනීමෙන්  එම නඩුවට සම්බන්ධ බොහෝ ගැටලු නිරාකරණය කිරීමට හැකි වනු ඇති බවත් මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැමිණිල්ල ලබන 23 වනදා කැඳවීමට ද නියම වූයේ ඉන් අනතුරුවය.

Exit mobile version