ටෙස්ලා කාර් එකට බිය වූ චීනයට ලොව ලොකුම ධනවතාගෙන් පණිවිඩයක්

චීනයේ හෝ ඕනෑම තැනක රහස් ඔත්තු බැලීම සඳහා තම සමාගමේ මෝටර් රථ යොදාගෙන ඇත්නම් තම මෝටර් රථ සමාගම වසා දමන බව සුප්‍රකට ඇමරිකානු විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලාහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසයි.

ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ චීන හමුදාව සිය භාවිතයෙන් ටෙස්ලා විදුලි මෝටර් රථ තහනම් කිරීම සම්බන්ධයෙන් පුවත් පළ වීමත් සමඟ ඊට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසයි.

එම මෝටර් රථවල සවිකර ඇති කැමරා දත්ත විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව චීන හමුදාව මෙම ආරක්ෂක සැක සංකා මතු කර ගෙන තිබුණි.


ටෙස්ලා මෝටර් රථ සමාගමේ අලෙවිය සම්බන්ධයෙන් පසුගිය වසරේ ඉදිරිපත් කළ කාර්තුමය ගණනය කිරීම්වලදී පෙනී යන්නේ ඇමරිකාවෙන් පසු එහි දැවැන්ත ම වෙළඳපොළ ඇත්තේ චීනයේ බවයි.

ඉලොන් මස්ක් ඊයේ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ තම ව්‍යාපාරය විදේශයක රහස් ඔත්තු බැලීම සඳහා යොදා ගන්නේ නම් සමාගමට සිදුවිය හැකියි අහිතකර බලපෑම් ඉතා බරපතළ බවයි.

“ඕනෑම රහසිගත තොරතුරක් සමග සිටිය හැකි ශක්තිමක් අපට තිබේ” චීනයේ බලපෑම්සහගත ව්‍යාපාර සංසදයක් වීඩියෝ ඔස්සේ සජීවීව අමතමින් එලෝන් මස්ක් මේ බව පවසා ඇත.

“ඔත්තු බැලීමක් සිදු වුවද, අනෙක් රට ඒකෙන් මොනව ගන්නද? ඇත්ත වශයෙන්ම ඒකෙ තියෙන වැදගත්කම මොකක්ද?” මස්ක් පැවසීය.

එලොන් මස්ක්ගේ මෝටර් රථ සමාගම 2018 දී සිය ෂැංහයි කර්මාන්ත ශාලාව සඳහා අනුමැතිය ලබා ගත් අතර චීනය තුළ පූර්ණ හිමිකාරීත්වයක් ඇති කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය පළමු විදේශීය මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


චීනය ලෝකයේ විශාලතම මෝටර් රථ වෙළඳපොල වන අතර එහි රජය විදුලි වාහන භාවිතය දැඩි ලෙස ප්‍රවර්ධනය කරයි. මෙම ඉල්ලුම ටෙස්ලාට 2020 දී ඩොලර් මිලියන 721 (ඩොලර් මිලියන 519) ක ලාභයක් ලබා ගැනීමට උපකාරී විය.

Exit mobile version