ටෙලිකොම් විකිණීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවුන බවට සහතික විය හැකි ද? – විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ දී අසයි…

sajith

මෙරට රහස් තොරතුරු පද්ධතිය ඇතුළු අධිසංවේදී දත්ත පද්ධති සම්බන්ධ වත්කම් රැසක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී සහ එහි පාලිත සමාගම් කොටස් විකිණීම නිසා එම සමාගම් හිමිකාරීත්වය විදෙස් සමාගම් සතුවීමේ අවදානම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව රජයට තහවුරු කළ හැකි දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

එසේම මෙම සමාගම විකිණීමෙන් පසුව මෙතක් කලක් වාර්ෂිකව රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබුණු, විකිණීමෙන් පසුව අහිමි වන මුදල භාණ්ඩාගාරයට උපයා ගන්නේ කවර ආකාරයෙන්දැයි හෙලි කරන ලෙස විපක්ෂනායකවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

ඔහු එහිදී නැගූ ප්‍රශ්නය මෙසේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිටල්ස් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය විසින් යෝජනාකර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා පල වී ඇත.


එම තත්ත්වය හේතුවෙන් පහත සඳහන් ප්‍රශ්න ජාතික වැදගත්කමකින් යුතු ගැටලු වශයෙන් සලකා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


  1. ප්‍රකාශිත කොටස් ප්‍රාග්ධනයෙන් 49.50% ක කොටස් අයිතිය මහා භාණ්ඩාගාරය සතුව පවතින ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (Sri Lanka Telecom PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද?
  2. එම තීරණය ගනු ලැබූයේ කවර පදනමකින් ද?
  3. ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම 2012 වසරේ සිට 2022 වසර දක්වා ලබා ඇති බදු ගෙවීමෙන් පසු වාර්ෂික ලාභ (Profit after Tax) මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද?
  4. එම වසර 10 තුළ කොපමණ මුදලක් කොටස් හිමිකාරත්වය වෙනුවෙන් ලාභාංශ ලෙස මහා භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් වාර්ෂිකව ගෙවා තිබේ ද?
  5. මෙතෙක් කලක් එසේ ටෙලිකොම් පී එල් සී වෙතින් භාණ්ඩාගාරයට ලැබුණු ආදායම මින් ඉදිරියට ලබාගන්නා ආකාරය මේ සභාවට පැහැදිලි කරන්නේ ද?
  6. එම වසර 10 තුළ කොපමණ මුදලක් බදු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී විසින් රජයට ගෙවා තිබේ ද?
  7. මෙරට රහස් තොරතුරු පද්ධතිය ඇතුළු අධිසංවේදී දත්ත පද්ධති සම්බන්ධ වත්කම් රැසක් හිමි ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ එහි පාලිත සමාගම් කොටස් විකිණීම නිසා එම සමාගම් හිමිකාරීත්වය විදෙස් සමාගම් සතුවීමේ අවදානම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් නොවන බව රජයට තහවුරු කළ හැකි ද?
  8. රජය වෙනුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව කොටස් ප්‍රාග්ධනයෙන් 51.34% ක හිමිකාරීත්වය පවතින ලංකා හොස්පිටල්ස් පීඑල්සී (Lanka Hospitals PLC) හි එම කොටස් විකුණා දැමීමට තීරණය කර තිබෙන්නේ කවරෙකු විසින් ද

Exit mobile version