ටී.එන්.ඒ. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරය දෙකට බෙදා ගනී….

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



දෙමළ ජාතික සන්ධානය විසින් ජාතික ලයිස්තුවෙන් පත් කරණ ලද මන්ත්‍රීධූරය වසර දෙකහමාර බැගින් දෙදෙනෙකු අතර බෙදාගෙන කරගෙන යාමට තීරණය කොට තිබේ.
දෙමළ ජාතික සන්ධානය විසින් ජාතික ලයිතුවට පත් කරණ ලද තවරාසා කලෙයිඅරසන්  පාර්ලිමේන්තුව ආරම්භ කිරීමෙන් පසුව දිවුරුම් දී ටික කලකින් ඉල්ලා අස්වන බවට පැතිර ගිය ආරංචිය පිළිබඳව විමසූ විට දෙමළ ජාතික සන්ධානය මේ බව කියා සිටියේය.
අම්පාර ප්‍රදේශයේ සිටින තවරාසා කලෙයිඅරසන් මන්ත්‍රීධූරයට පත් කිරීමත් සමගම දෙමළ ජාතික සන්ධානය තුළ දැඩි මතභේදකාරී තත්ත්වයක් හට ගැණුනු අතර මන්ත්‍රීවරු දිවුරුම් දීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කීපදෙනෙකු කොළඹදී සිදු කළ සාකච්ඡාවකදී මේ තීරණය ගෙන තිබේ.
ඒ අනුව ජාතික ලයිස්තුවේ මන්ත්‍රීධුරය පලමු වසර දෙකහමාර තුළ කලෙයිඅරසන්  විසින්ද ඊළග දෙකහමාර මාවෙයි සේනාධිරාජා විසින් ද පවත්වා ගැනීමට තීරණය කොට තිබේ.
එහෙත් ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරයට මාවෙයි සේනාධිරාජා  තරග කොට මහ ඇමති ධුරයට පත්වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බෙදා ගන්නා අනෙක් තැනැත්තා වෙනස් විය හැකි බවද දෙමළ ජාතික සන්ධානය සදහන් කරයි.

Exit mobile version