ජෙට් හිමි ඉන්දියානු කෝටිපතියෝ ලංකාවට එන්න අසති

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පෞද්ගලික ජෙට් යානා හිමි ඉන්දියානු සුපිරි ධනවතුන් කිහිප දෙනකුම තම යානාවලින් ශ්‍රි ලංකාවට පැමිණ නිවාඩු ගත කිරීමේ ඇති හැකියාව පිළිබඳව මෙරටින් විමසා ඇති බව වාර්තා වේ. ඉන්දියාවට සාපෙක්ෂව ශ්‍රි ලංකාවේ කොරෝනා මර්දනය සාර්ථක වී ඇති බැවින් සහ ඉන්දියාව තුළ තවදුරටත් මෙම වසංතය පැතිරිමේ අවදානමක් පවතින බැවින් ඔවුන් මෙසේ ශ්‍රි ලංකාවට පැමිණිම සම්බන්ධයෙන් විමසීම් කරන බව වාර්තා වේ.
කොරෝනා වසංගතය ඉන්දියාව තුල සැලකිය යුතු මට්ටමකින් පාලනය වන තෙක් ශ්‍රි ලංකාවේ හෝටල් හෝ සුඛෝප‍භෝගී මහල් නිවාසවල රැඳි සිටීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මෙසේ විමසීම් සිදුකරන බව වාර්තා වේ. තම පවුල්වල සාමාජිකයන් සමඟ ඔවුන්ටම අයත් ගුවන් යානා මඟින් ශ්‍රි ලංකාවට පැමිණීමටත් මෙරට සිට ඔවුන්ට තම ව්‍යාපාර කටයුතු ආදිය මෙහෙයවීම පිළිබඳවතත් ඔවුන් සොයා බලන බව විදේශ අමාත්‍යංශයට සම්බන්ධ ආරංචි මාර්ග ලංකාසර වෙත අනාවරණය කළේය.කෙසේ වුවද තවමත් මේ ඉල්ලීම් මසම්බන්ධයෙන් ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විදේශ අමාත්‍යංශය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව වැඩ පිළිවෙළක් සකස් කර අතර එම කටයුතු අවසන් වීමෙන් පසුව ඔවුන් වෙත එම අවස්ථා ලබාදීමට හැකිවනු ඇති බව මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය.

Exit mobile version