ජූලි 31 කල් ඉකුත් වන බව කී  ෆයිසර් එන්නත කල් ඉකුත්වීම  ඔක්තොම්බර් තෙක් මාස 03ක්  කල්  ගිහින්… 

කොවිඩ් 19 රෝගය මර්දනය කිරීම සඳහා ලබා දුන් ෆයිසර් එන්නත  ජුලි 31 වෙනි  දින  කල් ඉකුත් වන බව සෞඛ්‍ය අංශ පුන පුනා ප්‍රකාශ කළද මේ වන විට කල් ඉක්තුවන දිනය ඔක්තෝම්බර් අවසානය දක්වා දීර්ඝ වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සදහන් කරයි.

ෆයිසර්   එන්නතෙහි කල් ඉකුත්වන දින මාස හයේ සිට නවය දක්වා දීර්ඝ කර  එන්නතේ හසිදි   භාවිතය සඳහා නුමැතියක්    එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය ( FDA ) විසින්  ෆයිසර් ආයතනය වෙත ලබා දී තිබේ.

Pfizer-BioNTech COVID-19 එන්නතෙහි පෙට්ටි සහ කුප්පි -90°C සිට -60°C (-130°F සිට -76 දක්වා) අතර  නිශ්ඡිත ශීත දාම පාලනයක් පවත්වාගෙන    පවතින තාක් කල් ලේබලයේ මුද්‍රණය කර ඇති කල් ඉකුත්වන දිනයෙන් ඔබ්බට මාස 3ක් භාවිතයේ පැවතිය හැකි බව එම ආයතනය නිවේදනය කරයි.

එමෙන්ම එම ආයතනය පවසන්නේ -25°C සිට -15°C දක්වා ගබඩා කර කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කිරීමට  සුදුසු නොවන බවය.


නිශ්චිත තත්ත්වය යටතේ  අධි ශීත ගබඩාවේ පවත්වාගෙන යනු ලබන එන්නත් සඳහා යාවත්කාලීන කරන ලද කල් ඉකුත් වීමේ දිනයන්  ෆයිසර් සමාගම විසින් ප්‍රකාශයට පත් කර ඇත්තේ මෙසේය.

වැඩිදුර විස්තර පහත සබැඳීය ඔස්සේ ලබා ගත හැකිය..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


https://content.govdelivery.com/accounts/MIDHHS/bulletins/2ef2d0a

Exit mobile version