ජූනි මස අග සිට කල් ඉකුත්වන සියලුම විදේශ ගමන් බලපත්‍රවල වලංගු කාලය වසරකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව වසර 10ක් පිරී ජුනි 30 වැනිදාට කල් ඉකුත්වන විදේශ ගමන් බලපත්‍ර සඳහා වලංගු කාලය වසරක් දක්වා නොමිලේ දීර්ඝ කරන බව දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
ලබන වසරේ ජනවාරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ඉලෙක්ට්‍රොනික් චිප් ඇතුළත් ඊ – පාස්පෝට් ව්‍යාපෘතිය ඔස්සේ සිය ගමන් බලපත්‍රය නව විද්‍යුත් ගමන් බලපත්‍රයක් බවට පත්කරගැනීමට ජනතාව උනන්දු කිරීමක් ලෙස රජය මෙම පියවර ගෙන ඇති බව ඩේලි මිරර් වාර්තා කරයි.
නව විද්‍යුත් විදේශ ගමන් බලපත්‍රය මුද්‍රණය කිරීම සඳහා ලංසු කැඳවීමෙන් පසු සමාගමක් තෝරාගෙන ඇති අතර මේ වන විට එම ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බව ආගමන විගමන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඩේලි මිරර් වෙත පැවසීය.
ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූ පසු වාර්ෂිකව විද්‍යුත් ගමන් බලපත්‍ර ලක්ෂ 7ක් පමණ නිකුත් කිරීමට දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ.