ජීවිත 15ක් බිලිගත් ලුණුගල අනතුර සිදු වූ තැන ගල ඉවත් කරයි….

ගල ඉවත් කරන්න නිර්දේශ කළේ මාස 06කට කලින්... ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි...

බස් රථය අනතුරට ලක්වීමට මොහොතකට පෙර.... වම්පස ඇත්තේ කඩා වැටුණු ගලයි. ඒ ගල හේතුවෙන් මාර්ගය පටු වී ඇති අයුරු...

පහළොස් දෙනෙකුට මරු කැඳවූ මාරක බස් අනතුර සිදුවුණු බදුල්ල පස්සර මාර්ගයේ ලුණුගල 13 කණුව අසල මාස හයක් තිස්සේ මාර්ගයට පෙරළී තිබූ ගල     වැටී තිබෙන ගල ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂක ආර්. එම්. එස්. බණ්ඩාර මාධ්‍යයට පැවසුවේ  මාරක රිය අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබු ගල ඉවත් කිරිමට තම ආයතනය මීට මාස හයකට පමණ පෙර නිර්දේශ කර තිබු බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගල පිහිටි ස්ථානය අවට පදිංචිකරුවන්ට අනතුරක් නොවන පරිදි ගල පුපුරුවා හැර ඉවත් කිරිම සුදුසු බවට එහිදි තිරණය කළ බවත්  මෙම ස්ථානයට අමතරව බදුල්ල පස්සර මාර්ගයේ තවත් අනතුරුදායක ස්ථාන පහක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කළ බවත් ඔහු කීවේය.


Exit mobile version