ජීවිතාන්තය තෙක් හිරේ ගිය එල්.ටී.ටී.ඊ. කථිකාචාර්යවරයා නිදොස් වී නිදහස් වෙයි…

JF LTTE

කථිකාචාර්යවරයා තමන් වෙනුවෙන් නඩුවට පෙනී සිටි නීතිඥ සුමන්තිරන් සහ සහාය නීතිඥවරයා සමග

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එල්.ටී.ටී.සැකකරුවකු ලෙස අත් අඩංගුවට ගෙන අධිකරණ නියෝගය මත ජීවිතාන්තය දක්වා සිරගත කොට සිටි යාපනය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයේ කථිකාචාර්යවරයෙකු වවුනියාව මහාධිකරණ විනිසුරු රාමනාදන් කන්නන් විසින් 30 දා නිදොස් කොට නිදහස් කරණු ලැබීය.

එස්.කන්නදාසන් නැමති මොහු යුද්ධයේ අවසන් කාලයේදී යුද හමුදාවට බාර වී රජයේ පුනරුත්ථාපන වැඩ සටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස් වී තිබුණි.

පසුව ඔහු යළිත් වරක් යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයා වශයෙන් සේවය කළ අතර කිළිනොච්චිය උරුතිරපුරම් ප්‍රදේශයේ කාන්තාවක් විසින් 2014 වසරේ මාර්තු මාසයේදී අධිකරණයේ නඩුවක් ගොණු කරමින් තම දියණිය බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් මෙම කථිකාචාර්යවරයා විසින් එල්.ටී.ටී.ඊ.සංවිධානයට බඳවා ගත්තේ යැයි කියමින් ගොණු කළ නඩුවක් හේතුවෙන් කන්නදාසන් කථිකාචාර්යවරයාට 2017 වසරේදී වවුනියාව මහාධිකරණයෙන් ලැබුණු නියෝගයක් මත ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් නියම කෙරුණි.

වවුනියාව මහාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් 2017 වසරේදී ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මහතා විසින් ගොණු කරණ ලද නඩුවක් විභාග වීමෙන් පසුව 2020 ජූලි මස 22 දා විත්තිකරුට එරෙහිව නියම කොට තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඩුවම වවුනියාව මහාධිකරණයේ නියෝගය මත ඉවත් කරණු ලැබීය.

නීතිපතිවරයා විසින් ගොණු කරණ ලද චෝදනා යළි සලකා බලන ලෙස වවුනියාව මහාධිකරණයට ගොණු කළ පෙත්සමක් වසරක කාලයක් විභාගයට ගැනීමෙන් අනතුරුව කන්නදාසන් නැමති එල්.ටී.ටී.ඊ.සැකකරුව වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා විසින් නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය.

Exit mobile version