ජින්තුපිටියේ වෙඩි තැබීමක්… ගම්මු  කුලී ඝාතකයා අල්ලාගෙන පිස්තෝලයත් සමගම පොලිසියට භාර දෙයි…

ජින්තුපිටියේ වෙඩි තැබීමකින් එක් අයෙක් තුවාල ලබා තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

ඝාතකයන් පලා යෑමට උත්සාහ කරද්දි ගම්වැසියන් වෙඩික්කරු අල්ලාගෙන පහර දී පිස්තෝල ගින් අවියත් සමග පොලිසියට භාර දී තිබේ.

යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් පවතිද්දීත්  පසුගිය දින තුළ පුද්ගලයින් ඉලක්ක කරගෙන සිදුකළ හත්වන වෙඩි තැබීම මෙය වේ.  මෙම වෙඩි තැබීමේ දි ඉලක්ක වූ පුද්ගලයා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයෙන් ඇතුළත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Exit mobile version