ජැෆ්නා ස්ටැලියන්ස් නියෝජනය කළ යාපනේ ක්‍රීඩකයන්ට උපහාර…

දිනසේන රතුගමගේ –

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් (එල්.පී.එල්) තරගාවලියෙන් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් පසුව එම තරගයට සහභාගී වූ යාපනයේ ක්‍රීඩකයින් තුන් දෙනා පිළිගැනීමේ උත්සවයක් 20 දා යාපනයේදී පැවැත්වුණි.

යාපනය නගරයට ඇතුළු වන චෙම්මනි හන්දියේදී ඔවුන්ව ඉතා උණුසම් ලෙස පිළිගත් යාපනයේ ක්‍රීඩකයෝ හා  විශාල ජනකායක් ඔවුන්ව රිය පෙරහැරකින් කැදවා ගෙන ගොස් යාපනයේ ජූරා (JURA) ක්‍රීඩා සමාජ ශාලාවේදී ඔවුන්ට උපහාර දක්වනු ලැබීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට යාපනයේ තේවින්ද්‍රන් ඩිනෝශාන් ( 18), විජයකාන්තන් වියස්කාන්ත් (19) සහ කනගරත්නම් කබිල්රාජ් (21) තරුණයින් තුන් දෙනෙකුට එක්වීමට අවස්ථාව සැලසීමත් ඉන් විජයකාන්තන් වියස්කාන්ත්  ක්‍රීඩකයාට තරගයකට සහභාගී වී කණ්ඩායම වෙණුවෙන්  දස්කම් දැක්වීමට හැකි වීමත් නිසා යාපනයේ තරුණයෝ දැඩි සතුටකට පත්ව සිටින අතර ඔවුන් යාපනයේ අධ්‍යාපනය හදාරණ ලද පාසල් වලද ඔවුන්ව පිළිගැනීම සදහා උත්සව සංවිධානය කොට තිබේ.


Exit mobile version