ජාවාරම්කාර ඉන්දීය ධීවරයන්ගෙන් උතුරට කොවිඩ් ඒම වැළැක්වීමේ අලුත් වැඩක්..

දිනසේන රතුගමගේ –

මන්නාරම දිසාපති එස්.ගුණබාලන් ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව

ඉන්දියාවේ සිට මන්නාරම මුහුදු කලාපය හරහා රට තුළට කොරෝනා වෛරසය ඇතුලු වීම වළක්වා ගැනීමට  ගත හැකි හදිසි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක්  ඊයේ ( 5 ) මන්නාරම දිසාපති කාර්යාලයේදී පැවැත්වුණි

මන්නාරම දිසාපති එස්.ගුණබාලන් ගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සාකච්ඡාවට සෞඛ්‍ය බලධාරීන් ආරක්ෂක අංශ නිලධාරීන් සහභාගී වූ අතර එහිදී සාකච්ඡා වූයේ ඉන්දීය ධීවරයින් නිරන්තරයෙන් මන්නාරම මුහුදු කලාපය ඔස්සේ උතුරට පැමිණ ඔවුන් බොහෝ අවස්ථා වලදී ගොඩ බිම කරාද ළගා වන බවයි.

මේ ධීවරයින් සමග උතුරේ ධීවරයින් විවිධ අන්දමේ සබඳකම් පැවැත්වීම නිසා ඉන්දියාවේ සිට උතුරට  කොවිඩ් වෛරසය ඇතුලු වීමේ අවදානම වැඩි බව මන්නාරමේ සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන ලදී.


ඉන්දියාවේ සිට බෝට්ටු මගින් පැමිණෙන ඉන්දීය ධීවරයින් පාලනය කිරීමට හා ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව විශාල වෙහෙසක් දරන නමුත්  උතුරේ ධීවරයින් සමග ඔවුන්ගේ බෝට්ටු වල නැගී විවිධ ජාවාරම් සඳහා ඉන්දීය ධීවරයන් උතුරු පළාතට පැමිණෙන බව මෙහිදී අනාවරණය වුණි.

මේ නිසා උතුරේ ධීවරයින් වැඩි වශයෙන් මේ කාරණය පිළිබඳව දැනුවත් කිරීමටත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය දැඩි ලෙස ක්‍රියාවට නැංවීමටත් ගත යුතු පියවර මෙහිදී සාකච්ඡා වුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය අතරවාරයේ වර්ෂාවත් සමගම ඩෙංගු උවදූර මන්නාරම පුරා සීඝ්‍රයෙන් වර්ධනය විය හැකි නිසා මේ මස 14 වෙනිදා සිට 20 දක්වා ඩෙංගු මර්ධන සතියක් ප්‍රකාශයට පත් කිරීමද මේ සාකච්ඡාවේදී සිදුවුණි.

Exit mobile version