ජාතික විභාගවල උත්තර පත්‍ර ඇගයීමට පුද්ගලික පාසල්වල ගුරුවරු එපා

සෞම්‍යා ලියනගේ:

අධ්‍යාපන ඇමැතිවරයාගේ අනුදැනුම හා උපදෙස් මත විභාග දෙපාර්තමේන්තුව විසින් ජාතික විභාගවල උත්තර පත්‍ර ඇගයීමට පෞද්ගලික හා ජාත්‍යයන්තර පාසැල්වල ගුරුවරුන් කැඳවිමට ගෙන ඇති තීරණයට සිය වෘත්තිය සංගමය බරපතල විරෝධය දක්වන බව ලංකා ගුරුසේවා සංගමය පවසයි.

එසේම මෙම තීරණය වහා හකුලා නොගතහොත් සියලුම ගුරු හා විදුහල්පති සේවා සංගම් ඒකාබද්ධව වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරනබව එම ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පවසයි.


ජනාධිපතිවරයා විසින් අධ්‍යාපනය සඳහා වු කාර්ය සාධන බලකායක් පත්කර එහි සාමාජිකයින් ලෙස පෞද්ගලික පාසල් පවත්වාගෙන යන ව්‍යාපාරිකයින් නම් කිරිමත්, එහි තවත් ඉදිරි පියවරක් ලෙස පෞද්ගලික හා ජාත්‍යන්තර යැයි කියාගන්නා පාසැල්වල ගුරුවරුන්ට ජාතික ඇගයිම් ක්‍රියාවලියට කැඳවිමත් ආණ්ඩුව අධ්‍යාපනය පෞද්ගලීකරණයට තැබු තවත් ඉදිරි පියවරක් යැයි ඔහු විමසා සිටී.

මෙම පෞද්ගලික හා ජාත්‍යයන්තර පාසැල්වලට ගුරුවරුන් බඳවා ගැනීම සම්බන්ධව අඩුම තරමින් නියාමනයක් හෝ විධිමත් අධික්ෂණයක් සිදු නොකරන අධ්‍යාපන අමාත්‍යංශය මෙවැනි තිරණවලට එළඹීමත්, එය විභාග කොමසාරිස්වරයා ලවා මාධ්‍ය මගින් අදාල ගුරුවරුන් පිළබඳව සහතික නිකුත් කිරිමත් හරහා අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමේ ආණ්ඩුවේ පටු වුවමනාව පෙනෙන බව ද ඔහු පවසයි.

අපොස උසස් පෙළ, සාමන්‍ය පෙළ, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය යන ජාතික මට්ටමින් පැවැත්වෙන විභාගවල දී උත්තර පත්‍ර ඇගයිමට රජයේ ගුරුවරුන් කැඳවිමේ දී විභාග දෙපාර්තමේන්තුව රජයේ ගුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, ඉගැන්වීමේ පළපුරුද්ද සියල්ල විධිමත්ව සොයා බැලිම් කරන අතර ඒ සදහා සුදුසුකම්ලත් ගුරුවරුන් විශාල පිරිසක් අදාල අවස්ථාව අහිමිව සිටින බව ද ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය මත මෙම තිරණය ආණ්ඩුව හකුලා නොගතහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව ද අධ්‍යපාන ඇමති ඩලස් අලහප්පෙරුමට සිය වෘත්තිය සංගමය ලිඛිත දැනුම් දීමක් කළ බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

Exit mobile version