ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 20ක් හිඟයි… විදුලිය පිරිමහගන්න – විදුලිබල ඇමති!

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 20ක හිඟයක් ඇති බව විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ පවසයි.

එබැවින් විදුලිය වැඩි වශයෙන්ම භාවිතා කරන රාත්‍රී හතේ සිට අටයි තිහ අතර කාලය තුළ විදුලිය අරපරිස්සමින් පරිහරණය කරන ලෙස ඇමතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

“කෙසේ වෙතත් විදුලි බිඳවැටීමකට  ඉඩ නොදී අප එය කළමනාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා. “ ඇමති ලොකුගේ කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ  උපරිම විදුලි ඉල්ලුමක් තිබුණේ රාත්‍රී හතට බවත්   එය මෙගාවොට් 272.1ක් බවත් විදුලිබල මණ්ඩලය කියයි.

Exit mobile version