ජාතික ලයිස්තු ගැටුම දුර යයි… මන්ත්‍රීවරු 17ක් සමග සජිත්ගෙන් කැඩෙන්න සුලු පක්ෂ සූදානමක්….

දිනාගත් මන්ත්‍රී ධුර 47න් 27ක් දිනා දී ඇත්තෙ සුලු ජාතිකන්... ජාතික ලයිස්තුව හරියට බෙදන්න... සජිත්ට කියයි...

මැතිවරණ සටනට පෙර පොරොන්දු වූ ආකාරයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර තමන්ට ලබා නොදෙන්නේ නම්  මන්ත්‍රීවරුන් 17ක් සමග එක්වී සුළු පක්ෂ සන්ධානයක් ලෙස විපක්ෂයේ වෙනම අසුන් ගන්නා බව පලනි දිගම්බරම්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදියුදීන් හා රවුෆ් හකීම්  ඇතුළු කණ්ඩායම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වෙත දන්වා තිබේ.

මෙහිදී සජිත් ප්‍රේමදාසගේ ජාතික ජනබලවේගය වෙත  කඳුකරයේ දෙමළ පක්ෂ තුනක් වන මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ, පලනි දිගම්බරම්ගේ ජාතික කම්කරු සංගමය හා වේලුසාමි රාධක්‍රිෂ්ණන්ගේ කඳුරට ජනතා පෙරමුණ සහයෝගය දැක්වූයේ සංධානයක් ලෙසය.

මනෝ ගනේෂන් හා  පලනි දිගම්බරම් හා රාධක්‍රිෂ්ණන් එකමුතුව මන්ත්‍රී ධුර 06ක් ද, රිෂාඩ් බදියුදීන් මන්ත්‍රී ධුර 05ක් ද, රවුෆ් හකීම් මන්ත්‍රී ධුර 06ක් ද සමගි ජනබලවේගය වෙත දිනා දී ඇති පසුබිමක තමන්ගේ මුල් එකඟතාව ප්‍රමුඛ කොට ඉටු කළ යුතුව ඇති බව ඔවුහු සජිත් ප්‍රේමදාස වෙත දන්වා යවා ඇත.


ඔවුන් ඉල්ලා සිටින්නේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර අතරින් මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධ ක්‍රිෂ්ණන් සංධානයට එක් මන්ත්‍රි ධුරයකුත්, රාෂාඩ් බදියුදීන්ගේ ජාතික සභාවට මන්ත්‍රී ධුරයකුත්, රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයකුත් ලෙස මන්ත්‍රී ධුර තුනකි. සමගි ජනබලවේගයට ලැබී ඇත්තේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර 7ක් බැවින් ජාතික ලයිස්තුවේ සිටින චන්දයට වියදම් කළ කොටස් තමන්ගේ මන්ත්‍රී ධුර තමන්ට ලබා දෙන ලෙස බලපෑම් කරමින් සිටී.

මේ තත්වය තුළ  සුළු පක්ෂ එල්ල කරන පීඩනය හා ජාතික ලයිස්තුවේ සිටින කණ්ඩායම ඇති කරන පීඩනය බලවත්ව ඇති බැවින් ජාතික ලයිස්තුව පිලියෙල කිරීමේ දී සමගි ජන බලවේගය බරපතල අර්බුදකයට මුහුණ දී සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ලයිස්තුව නොමැතිව සමගි ජනබලවේගය තරග කර දිනා ගත් ආසන ගණන 47කි. ඉන් මන්ත්‍රී ධුර 20ක් දිනාගෙන තිබෙන්නේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ය. මන්ත්‍රී ධුර 07ක් දිනා දී ඇත්තේ දෙමළ මන්ත්‍රීවරුන්ය. එවැනි නියෝජනයක් සහිත  සමගි ජනබලවේගය ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පත් කිරීමේදී සාධාරණ විය යුතු බව සුලු පක්ෂ පෙන්වා දී ඇත.

 

Exit mobile version