ජාතික රෝහලේ ප්‍රතිකාර ගත් 02ක් ඊයේ මරුට… පියතුමන්ලා 02ක්, පොලිසියේ 05ක් ඇතුළු 219ක් රෝහලේ…

දැඩි සත්කාර ඒකකයේ 05ක්.. ඔවුන් සුව අතට හැරෙමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග කියයි...

ඊයේ (9) ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්   පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සහ පියතුමන්ලා දෙදෙනෙකු ඇතුළු තුවාල ලැබූ පුද්ගලයින්     219ක්  කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මෙම තුවාල කරුවන් අතර පුද්ගලයින් 2 දෙදෙනෙකු ඊයේ දිනය තුළදීම මරණයට පත්ව ඇත.

ඉන් එක් පුද්ගලයෙකු ගාලුමුවදොර අරගල භූමියේ සිටි වයස්ගත පුද්ගලයෙකු බවත් අනෙක් පුද්ගලයා අරලියගහ මන්දිරයේ රාජකාරී කළ 24 හැවිරිදි පොලිස් නිලධාරීයෙකු බවත් ඔහු   ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‌මේ වන විට දැඩිසත්කාර ඒකකය තුළ පුද්ගලයින්  පස්දෙනෙකු  ප්‍රතිකාර ලබන බවත් ඔවුන්ගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව   ඔහු වැඩිදුරත් කීවේය. 


Exit mobile version