ජාත්‍යාන්තරය පිළිගත් එන්නතක් නොදීම නිසා විදේශ රැකියා දෙලක්ෂ පනස් දහසක් අහිමිවෙලා…

විදේශ සේවා නියුක්ති නියොජිත ආයතන හෙළි කරයි... අහිමිවන විදේශ විනියම ඩොලර් බිලියන 11යි...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යාන්තරය පිළිගත් ෆයිසර් හෝ මොඩානා එන්නත් ලබා දීමට නොහැකි වීම නිසා පසුගිය වසරේ සිට මේදක්වා මෙරට ශ්‍රමිකයන්ට විදේශීය රැකියා දෙලක්ෂ පනස්දහසක පමණ සංඛ්‍යාවක් අහිමි වී ඇතැයි විදේශ සේවා නියුක්ති නියොජිත ආයතන  සඳහන් කරයි‍.

මෙම රැකියා අහිමිවීම හේතුවෙන් රජයට ඩොලර් බිලියන 11ක පාඩුවක් සිදුව ඇති බව ඔවුන් පෙන්වාදේ.

මේ වන විට කටාර් රාජ්‍යයේ රැකියා 35000ක් සහ සවුදි රාජ්‍යයේ රැකියා 25000ක් සදහා වීසා ලැබී ඇති නමුත් ඔවුන්ට ෆයිසර් හෝ මොඩානා එන්නත ලබා නොදීම හේතුවෙන් මෙම රැකියා සඳහා යාමට නොහැකි වී ඇතැයි එම ආයතනය පෙන්වාදේ.

Exit mobile version