ජාත්‍යන්තර සංචාර දිනය වන ලබන 27 දා සංචාරක මග පෙන්වන්නන් නුවර උද්ඝෝෂණයේ…..

වසර ගණනාවක් පුරා රටට විදේශ විනිමය උපයා දීමට පෙරමුණ ගත් මෙරට සංචාරක මාර්ගෝපදේශකයින් සඳහා සාධාරණ ලියාපදිංචිවීමක් හරහා රුපියල් 20000 ක‌ හෝ 15 000 ක දීමනාවක් ලබා නොදිමට විරෝධය දක්වමින් රට පුරා දස දහසක් සාමාජිකයෝ  27 දා මහනුවර වැවරව්මේදි උද්ඝෝෂණයකට සැරසෙති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ   වසර දෙදහස් දහනවයේ දි පොරොන්දු වූ පරිදි රුපියල් විසිදහස හෝ පහළොස් දහස මේතාක් ගෙවා නැති බවත්, මේ වන විට සංචාරක මග පෙන්වන්නන් දැඩි ආර්ථික දුෂ්කරතාවයකට ලක්ව සිටින බවත් සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්යයවරුන්ගේ සංගමයේ ලේකම් පරාක්‍රම කිරිදෙන  කිය.

පාස්කු ප්‍රහාරයෙන් පසුව මුළුමනින්ම බිඳවැටුණු සංචාරක මගපෙන්වන්නන්ගේ ව්‍යාපාරය නැවත වතාවක් කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටුණු අතර   මේ සම්බන්ධයෙන් රජය මේ වන තෙක් කිසිදු අතපෙවීමක් සිදු නොකළ බව ද හෙතම කීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාත්‍යන්තර සංචාර දිනය යෙදි තිබෙන ඔක්තොම්බර් විසිහත්වැනි දින එහි ජාතික උත්සවය මහනුවරදි පැවැත්වීමටත් ඊට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ   සහභාගිවීමටත් නියමිතය.

Exit mobile version