ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධනට ජපුර සරසවිය ගෞරව ආචාර්ය උපාධියක් පුදයි..

මෙරට පරිසරය සුරුකීමේ කාර්යයේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ප්‍රමුඛ පෙළේ චරිතයක් වන ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිවේදී ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රි ජයර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් පාරිසරික සංරක්ෂණය වෙනුවෙන් ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමීමට කටයුතු කර ඇත. ඊයේ එම විශ්ව විද්‍යාලයේ දී පැවැති චාම් උත්සවයකදී මෙම ආචාර්ය උපාධිය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සුදත්ත ලියනගේ විසින් පිරිනමන ලද අතර එම විශ්ව විද්‍යාලයයේ ඩිජිටල් මාධ්‍ය අධ්‍යක්ෂ සහ වන විද්‍යාව සහ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය හිරාන් අමරසේකර, ව්‍යවහාරික විද්‍යා පීඨාධිපති මහාචාර්ය ලලීන් කරුණානායක ලේඛකාධිකාරී කේ.ජී බ්‍රිටෝ  ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් උපතකුලපති මහචාර්ය සුදත්ත ලියනගේ සඳහන් කළේ මෙවර උපාධි ප්‍රදානෝත්සවය නොපැවතුණද ජගත් ගුණවර්ධනයන්ට හිමි විය යුත ගෞරවය පිරිනැමීමට විශ්ව විද්‍යාලය කටයුතු කළ අතර එම ආචාර්ය උපාධි පසුගිය නොවැම්බර් 02වැනිදා සිට බලාත්මක වන බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය හරහා පරිසර සංරක්ෂණයට ප්‍රවේශ වුණු නීතීඥ ජගත් ගුණවර්ධන විශේෂයෙන් මෙරට පරිසරය රැක ගැනීම සම්බන්ධයෙන් වූ නෛතික ක්‍රියාවලියට දායකත්වයක් දැක්වූ පුමුඛයෙකි. කලක් සීමාසහිත පාරිසරික පදනමට සම්බන්ධව කටයුත කළ ඔහු පසුව මෙරට පරිසර සංරක්ෂණවේදීන්ට තම දැනුම ලබා දීම සම්බන්ධයෙන්ද තීරණාත්මක කාර්යභාරයත් ඉටු කළේය. විශේෂයෙන් පරිසරය හා සම්බන්ධ නෛතික ක්‍රියාවලිය අණ පනත් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති නීතිවේදි ජගත් ගුණවර්ධන රට පුරා පැවැත්වෙන පාරිසරික වැඩමුළුවල මෙන්ම ජනමාධ්‍යවල ප්‍රධාන පෙලේ සම්පත් දායකයෙක් ලෙස ක්‍රියා කරයි.ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවකු වන ජගත් ගුණවර්ධන මහතා පක්ෂීන් ඇතුළු  සත්ත්වයින් සහ ඔවුන්ගේ චර්යා පිළිබඳ පුළුල් අවබෝධයක්  ඇති ,  දක්ෂ පාරිසරික චිත්‍ර ශිල්පියෙක්ද වෙයි.


Exit mobile version