ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පේරාදෙණිය ගැටඹේ පවත්වාගෙන යන කාර්යාල බිම වෙනුවෙන් එම මණ්ඩලය නගර සභාවට රුපියල් කෝටි 18 ක මුදලක් බදු ලෙස ගෙවිය යුතු බව හිටපු නාගරික මන්ත්රී විපුල රණසිංහ පවසයි.
ජල සම්පත් හා ජලාපවහන මණ්ඩලය විසින් නාගරික ජල සම්පාදන දෙපාර්තමේන්තුව ඔවුන් ගේ පාලනය යටතට ගැනීමට උත්සහ කරමින් සිටින බව ද ඔහු කීය.
නාගරික ජල සම්පාදන දෙපාර්තමේන්තුව ඔවුන් යටතට ගෙන මෙම මුදල් ගෙවීමෙන්ද නිදහස් වීමට මණ්ඩලය උත්සහ කරන බවක් පෙනෙන්නට ඇති බවත් හෙතෙම පැවසුවේය.
මේ වනවිට නගර සභාව නාගරික ජනතාවට ජලය ලබා දෙන්නේ මණ්ඩලයට වඩා දෙගුණයකටත් වඩා අඩු මුදලකට බවත් නාගරික ජල සම්පාදන දෙපාර්තමේන්තුව ජල මණ්ඩලය යටතට පත් වුවහොත් නාගරික ව්යාපාරික ප්රජාවට මෙන්ම නගර වාසීන්ට ද දැනට පවතින බිලට වඩා වැඩි ජල බිලක් ගෙවීමට සිදුවනු ඇතැයි ද හිටපු මන්ත්රීවරයා ප්රකාශ කළේය.
මහනුවර නගරයේ පාසල් 58 කට හා සියලු පූජනීය ස්ථාන වලට නගර සභාව ජලය ලබා දෙන්නේ අය කිරීමකින් තොරව යැයි ද ජල සම්පාදන මණ්ඩලය යටතේ එවැනි සහන අපේක්ෂා කළ නොහැකි යැයි ද හිටපු මන්ත්රීවරයා පැවසුවේය.