ජපුර රෝහලේ හිටපු දොස්තර සහරාන් නවත්වපු තැනින් වැඩ පටන් ගෙන!

අක්කරපත්තුවේ අන්තවාදී ආගමික වැඩ ගැන පොලිස්පතිට වාර්තාවක්
අක්කරෙයිපත්තුව කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාම් අන්තවාදය පතුරුවන වෛද්‍යවරයකු පිළිබඳව සහ ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරි විමර්ශණ සඳහා තොරතුරු වාර්තාවක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු විසින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා වෙත භාර දී තිබේ.

කලක් ශ්‍රි ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කර ඇති මෙම වෛද්‍යවරයා ඔහු අක්කරපත්තුව සාගම පාරේ අක්කර 04ක පමණ ඉඩමක සිය කේන්ද්‍රස්ථානය පවත්වාගෙන යන අතර මේ වනවිට රහසිගතව ජීවත් වන බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

වෛද්‍ය රියාස් නැමැති මෙම අන්තවාදී ආගම් ප්‍රචාරය කරන්නා මරාගෙන මැරුණු අන්තවාදී නායක සහරාන් කළ ආකාරයෙන්ම අන්තර්ජාලය හරහා තරුණයන් ආගමික රැඩිකල්කරණයට ලක් කිරීමේ සංවිධානාත්මක ව කටයුතු කරන අතර ඔහු සුපර් මුස්ලිම් නමින් යූ ටියුබ් චැනලයක් සහ ෆේස්බුක් පිටුවක්ද පවත්වාගෙන යන බවට තොරතුරු හෙළිව තිබේ.


ඔහු මේ සඳහා ප්‍රෙද්ශයේ මවුලවිවරයකු සහ අරාබි සහ පකිස්තාන ජාතිකයන් දෙදෙනකු දේශන සඳහා යොදවා ගන්නා නමුත් ඔහු ප්‍රසිද්ධියේ නොපැමිණ දියලු කටයුතු මෙහෙයවන බව පොලිසිය සඳහන් කරයි.

ඔහුගේ සංවිධායකත්වයෙන් සිදු කෙරෙන දේශන සඳහා විශ්ව විද්‍යාල සිසුන් වැඩිපුර සහභාගී වන බවට තොරතුරු හෙළිව ඇති අතර ඔවුන් සඳහා අක්කරපත්තුවේ පිහිටි මධ්‍යස්ථානයේදී විවිධ පුහුණු සැසිද පවත්වා ඇති ව අනාවරණය වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වෛද්‍යවරයා 2004 වසරේ සුනාමි විපතින් පසුව සුනාමි සහන අරමුදල්ද පවත්වාගෙන යමින් ඊට විදේශ ආධාර ලබා ගෙන කටයුතු කර ඇති අතර වර්තමානයේදද මෙම පුද්ගලයාට තම කටයුතු සඳහා විදේශ ආධාර හිමිවන බව අනාවරණය වී ඇත.

Exit mobile version