ජපානයේ සැදූ ඇස්ට්‍රා සෙනිකා මාත්‍රා ලක්ෂ දාහතර ලක්ෂ පනස් දාහක් ශ්‍රී ලංකාවට

Oxford/AstraZeneca

Oxford/AstraZeneca

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.



ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා දාහතර ලක්ෂ පනස්දහස ඉදිරි සතිවල දී ජපානයේ සිට ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් එම එන්නත් ජපනායේ නිපදවා ඇති බවත් ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරයි.

එන්නත් ලබා දෙන්නැයි ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස ජපන් රජය මෙම එන්නත් මාත්‍රා තොගය පිරිනමන බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටී
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම හරහා මෙම එන්නත් තොගය ජපානයෙන් මෙරටට ලැබෙන බවද තානාපති කාර්යාලය පවසයි.

කොවිඩ් වසංගත තත්වයේ දී ජපානය ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 16.2 ක ආධාර මේ වනවට ප්‍රදානය කර තිබේ. ඒ අතර ශීතාගාර පහසුකම් සහ තාක්ෂණික උපකරණ ද ඇත.

Exit mobile version