ජපානයේදී මියගිය ශ්‍රි ලාංකික යුවතිය ජපාන පාර්ලිමේන්තුවට මාතෘකාවක් වෙයි

පසුගිය මාර්තු මාසයේදී ජපානයේ නගෝයා හි රැඳවුම් කඳවුරකදී මිය ගිය ශ්‍රි ලාංකික තරුණියක වන විශ්මා සඳමාලිගේ මරණය ඊයේ ජපාන පාර්ලිමේන්තුවේ දැඩි කතා බහකට ලක්වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි. මේ තත්ත්වයට හේතු වී ඇත්තේ ඊයේ විවාදයට ගැනුණු ජපානයේ ආගමන සහ විගමන පනතේ සංශෝධනයන් පිළිබඳ පැවැති විවාදයේදීය. එහිදී ජපාන විපක්ෂ දේශපාලකයන් විෂ්මා සඳමාලිගේ මරණය පිළිබඳව දැඩි සේ විවේචනාත්මකව කතා කළ අතර මෙම තත්ත්වයට හේතුව දීර්ඝ කාලයක් විදේශිකයන් රැඳවුම් කඳවුරුවල රඳවා ගැනීම බව ප්‍රකාශ කළහ.

ජපාන විපක්ෂ නායකවරයා ඇතුළු විපක්ෂයේ බොහෝ දෙනකු ඇය පිළිබඳව කතා කළ අතර එවැනි මරණ සිදුවීමට ඉඩ නොතැබිය යුතු බවට දැඩි සේ අවධාරණය කළ බව ජපාන මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. 33 හැවිරිදි විශ්මා සඳමාලි පසුගිය අගෝස්තු මාසයේ සිට නගෝයා හි රැඳවුම් කරඳවුරක රඳවා ඇත්තේ ඇය අතින් සිදුවූ බව කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙනි. ඇයට බඩේ අමාරුවක් වැළඳී ඇති අතර ඇය වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින විටදී මිය ගොස් ඇත. ඇයගේ අසනීපය පසුගිය ජනවාරි මාසයේ සිට පැවති ඇති අතර මිය ගියේ පසුගිය මාර්තු මාස 06වනිදාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඇයට ප්‍රමාණවත් වෛද්‍ය අවධානයක් මෙම කඳවුරේ දී නොලැබීම පිළිබඳව කතා බහට ලක්ව ඇති අතර දීර්ඝ කාලයක් රැඳවුම් කඳවුරුවල රඳවා ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසින්ද එහිදී විපක්ෂ දේශපාලකයන් විසින් අදහස් දක්වනු ලැබ ඇත.


Exit mobile version