ජන අරගලයේ ගාලුමුවදොර සංකේතය ආණ්ඩුව මුලුමනින්ම ඉවත් කර දමයි!

ගාලුමුවදොර අරගල බිමෙන් සියලුම අරගලකරුවන් අද ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළේය.

අද දහවල් 11ට පමණ පොලිසිය නිවේදනය කළේ සියලුම ඉදිකිරීම් ගලවාගෙන එම භූමියෙන් ඉවත් වී යා යුතු බවය.

අධිකරණය නියෝගයක් පදනම්ව  10 වනදා සියලුම ඉදිකිරීම් ඉවත් කරන ලෙස අරගලකරුවන්ට දැනුම්  දී තිබිණි. 10 වනදා වනවිට කොටසක් ඉවත් වී ගිය අතර තවත් සුළු පිරිසක් අද දහවල් වනතුරු භූමියේ රැඳී සිටියහ.

පොලිසිය කළ දැනුම් දීම අනුව අද ඒ සියලුම අරගලකරුවෝ භූමියෙන් ඉවත් වූහ.


පොලිසිය හා ආරක්ෂක අංශ යොදා භූමියේ ආරක්ෂාව තර කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජන අරගලයේ ගාලුමුවදොර සංකේතය මුලුමනින්ම ඉවත් කර දැමීමට රජය කටයුතු කර ඇත.

 

Exit mobile version