ජනාධිපති සහ ජනාධිපති ලේකම් විෂ රසායනික පොහොර තොග නිදහස් කළ හැටි අනුර පාර්ලිමේන්තුවේ දී කියයි!

වර්ෂ 2020 දී  මේ රටට ගෙන්වූ අධි විෂ සහිත රසායනික පොහොර  තොග දෙකක් ප්‍රමිතියට නොගැලපෙන බැවින් අත්හිටුවා තිබෙද්දී ජනාධිපතිගේ හා ජනාධිපති ලේකම්වරයාගේ නියෝග මත රට තුළට ගත් බවත්    රසායනික පොහොර මාෆියාව පසුපස සිටියේ ව්‍යාපාරිකයින් විද්වතුන් නොව මේ රජය සහ රජයේ මැති ඇමතිවරුන් බවත්  ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

තහනමු කර තිබූ විෂ සහිත ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 18000ක් නිදහස් කිරීමට  2020.10.08 දා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මුලසුන හෙබවූ රැස්වීමක දී තීන්දු කළ බවත්, ප්‍රමිතිය කුඩු කළ  ආසනික් සහ ලෙඩ් අධිමාත්‍රාවෙන් යුතු විෂ පොහොර තොගයක්  නිදහස් කිරීමට  2020.11. 03   ජනාධිපතිවරයා මුලසුන හෙබවූ රැස්වීමක දී  ජනාධිපතිවරයාම නියෝග කර තිබුණු බවත්  කී මන්ත්‍රීවරයා ඒ පොහොර තොගය වෙනුවෙන් රුපියල් කෝටි පනහක ගෙවීමක් කළ බව ද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ ද පැවසුවේය.


“අපේ රටට විෂ සහිත පොහොර ආනයනය කරන බව රජය කිව්වා. පහුගිය විගණන වාර්තාවක ඒක තියනවා.  ඒ විගණන වාර්තාවට ආවෙ නැති ටිකක් තියනවා . මා ඔබතුමාට ඒ ටික කියන්නම්.“

“ප්‍රමිතියෙන් තොර  ටී.එස්.පී  පොහොර මෙට්‍රික් ටොන් 18000ක් තිබ්බා. ඒ ටීඑස්පී ප්‍රමිතියෙන් තොර නිසා එම පොහොර රට තුළට ඇතුළත් කරගත්තෙ නෑ. නමුත් 2020.10.08 දා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය  සිද්ධිකා ජී සේනාරත්න  ලිපියක් නිකුත් කරනවා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයාට ඒ විෂ සහිත ප්‍රමිතියෙන් තොර පොහොර නිදහස්  කරන්න කියලා.  ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ වරයා ඒ නිදහස් කිරීම සම්බන්ධව  ලංකා පොහොර  සමාගමේ  සාමාන්‍යාධිකාරීවරයාට ලියනවා.

“මේ තීරණ අරගෙන තියෙන්නෙ ජනාධිපති  ලේකම් පී.බී. ජයසුන්දර ඉන්න රැස්වීමක දි. මේ සිද්ධිය අනාවරණය වීමත් සමග ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ලිපියක් ලියනවා ඒ පොහොර නිදහස් කිරීම සඳහා තමා අනුමැතිය දුන්නෙ නෑ කියලා.  නමුත් ප්‍රමිති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ තීන්දුව ගැනීමට  උපුටා දක්වන්නේ ඔහුව. ‘

“දෙවැනි සිද්ධිය ජනාධිපතිවරයා මුලසුන හොබවන රැස්වීමක දී  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ දේශීය ප්‍රමිතීන්ට අනුකූළ නොවන පොහොර ගෙන්වීම සඳහා රුපියල් කෝටි 50ක මුදලක්  ගෙවලා තියනවා.“

“මෙම පොහොර අපේ රටේ පරීක්ෂාවට භාජනය කළාට පස්සේ අසමත්.  ආසනික් තියනවා කිලෝ ග්‍රෑම් එකට මිලි ග්‍රෑම් 38ක්. ප්‍රමිතියට අනුව ආසනික් තියෙන්න පුලුවන්  කිලෝ ග්‍රෑම් එකකට මිලි ග්‍රෑම් 25යි.    ලෙඩ් තියනවා කිලෝ ග්‍රෑමයට මිලි ග්‍රෑම් 49ක්.  ප්‍රමිතිය අනුව ලෙඩ් තියෙන්න පුලුවන්  කිලෝ ග්‍රෑමයට මිලි ග්‍රෑම් 30යි.  පොහොර නිදහස් කරන්නෙ නෑ. “

“හැබැයි ජනාධිපතිවරයාත් හිටපු සාකච්ඡාවක දි  2020.11. 03 දා මේ විෂ සහිත බැර ලෝහ අධි මාත්‍රාවෙන් තියන විෂ පොහොර නිදහස් කරන්න ජනාධිපතිවරයා උපදෙස් දෙනවා.“

“ඇමති තුමනි.  ඔබ කිව්වේ මේ රසායනික පොහොර මාෆියාව පසුපස ඉන්නේ පොහොර ව්‍යාපාරිකයින්. මාෆියාකරුවන් කියලා. සැබැවින්ම මේව පසුපස ඉන්නෙ ආණ්ඩුව.  ආණ්ඩුවෙ ඇමතිවරු. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඔවුන් මේ විෂ පොහොර රටට ගෙන්වීමට  බලපත්‍ර දුන්නා.  ඒ සඳහා ජනාධිපතිවරයාගේ මුලසන දැරූ සාකච්ඡාවල නියෝග ලබා දීලා තිබුණා.  මේ පොහොර ව්‍යසනය අවසන් වුනේ මේකට සම්බන්ධ වුනු මන්ත්‍රීවරු ගණනාවක ගෙ, නිලධාරීන් ගණනාවකගේ  මල්ල තර වෙලා.  අනික් පැත්තෙන් ජනතාවට වස සහිත පොහොර ගෙනල්ලා. “

Exit mobile version