ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 56කට වෙච්චි දෙයක් නෑ… විගණනය හෙළි කරයි…

ලලිත් චාමින්ද –

ජනාධිපති කාර්යාලය නමින්  මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ  ලියාපදිංචිකොට තිබු වාහන 56ක්  එම කාර්යාලයේ නොමැති අතර එම එම වාහන සම්බන්දයෙන්  විධිමත් පරික්ෂාවක් ද සිදුකොට නොතිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව  මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

එමෙන්ම මෙම වාහනවල  භෞතික පැවැත්ම තහවුරුකරගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

එසේ කාර්යාලයේ නොතිබු එම වාහන සම්බන්දයෙන්  විධිමත් පරික්ෂාවක් කළ බව තහවුරුකිරිමට  ප්‍රමාණවත් සාක්ෂි  විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.


එමෙන්ම ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිර සහ  ජනාධිපති ආරක්ෂක අංශවල ලිපිනයන් යටතේ  වෙනත් පුද්ගලික නම්වලින්   වාහන  45ක් ලියාපදිංචිකොට තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ජනාධිපති කාර්යාලය සහ  ඒ ආශ්‍රිත ලිපිනයන් යටතේ  වෙනත් පුද්ගලික නම්වලින්  වාහන ලියාපදිංචිවිමට හෝ  එම ලිපිනයන් භාවිතා කිරිමට හේතුවු කරුණු පිළිබද තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබු බවද විගණන කාර්යාලය පෙන්වාදෙයි.

ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් විධිමත් ක්‍රමවේදයක්  හඳුන්වාදිම සහ  එය අධික්ෂණය කළයුතු බව  විගණනය මගින්  නිර්දේශකොට ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ලේකම් නමින්  ලියාපදිංචිව ඇති වාහන පිළිබඳ  තොරතුරු කැඳවිම් කර  පොලිස්පති වෙත ලිපි යොමුකර ඇති බවත් මේ පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සමග සාකච්ඡා කරමින් පවතින බවත්  ප්‍රධාන ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

 

Exit mobile version