ජනාධිපති මල්ලීගේ හදිසි තීරණය නිසා මේ අවුරුද්දේ සිදුවන අවුල ගැන ඇමති ලොකු අයියා කියයි!

රසායනික පොහොර නවත්වා කාබනික පොහොර  භාවිතයට ජනාධිපතිවරයා  තීරණයක් ගත්තේ හදිසියේ බවත් මෙම තීරණය ගැනීමට වැනි වැනී සිටියා නම් කිසිදා ගන්නට නොලැබෙන එකක් වුණත් ඒ  හේතුවෙන් මේ වසර තුළ අපට යම් යම් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවනු ඇති බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ  ප්‍රකාශ කරයි.

උත්සවයක දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රසායනික පොහොර භාවිතය අත හැරීමෙන් කාබනික පොහොර වෙත යොමු වීම සම්බන්ධයෙන් ගොවීන් තුළ විශ්වාසයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා යම් වැඩ පිළිවෙළක් අවශ්‍ය බවත්ය. 

එහිදී චමල් රාජපක්ෂ ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේ කාබනික පොහොර භාවිතය නිසා ගොවි මහතුන්ට රසායනික පොහොර භාවිතයට වඩා යම් හෙයකින් අස්වැන්න අඩු වීමක් හෝ ආදායම් අඩුවීමක් වුවහොත් ඒ සඳහා වැඩපිළිවෙළක් පවතින බව ඔවුන්ට පෙන්වා දිය යුතු බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ තුළ නිර්මාණයවන විශ්වාසනීයත්වය ඉතා වැදගත් බව  සඳහන් කළ අමාත්‍යවරයා විවිධ පෙලඹවීම් නිසා නොමඟ ගිය පිරිසකුත් මේ අතර  සිටින බව පැවසීය.   

 

Exit mobile version