ජනාධිපති ඥාති සොයුරු ජාලිය වික්‍රමසූරිය ඩොලර් ලක්ෂ 03ක් සොරා කෑමේ වරද ඇමරිකානු අධිකරණයක් ඉදිරියේ පිළිගනී…

ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියෙක් වන  ඇමරිකාවේ හිටපු  තානාපති ජාලිය වික්‍රමසූරිය,  ශ්‍රී ලංකා රජය සතු  ඇමරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක්  අපහරණය  කිරීම සම්බන්ධව තමන් වැරදිකරු බව ඇමරිකාවේ කොලොම්බියා දිස්ත්‍රික් අධිකරණය හමුවේ පිළිගෙන ඇති බව එරට මාධ්‍ය වර්තා සඳහන් කරයි.

ඔහු එම වරද පිළිගත් බව ඇමරිකානු නීතිඥයින්වන  මැතිව් එන් ගෙ‍්‍රව්ස්,  ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වොෂින්ටන් ක්ෂේත්‍ර කාර්යාලයේ ප්‍රධානී  රේමන් වෙලේනුවා, ඇතුළු කණ්ඩායමක් විසින් නිවේදනය කරනු ලැබ ඇත.

දැනට ඇමරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ  ආලින්ටන් හි පදිංචිව සිටින ජාලිය චිත්‍රාන් වික්‍රමසූරිය මහින්ද රාජපක්ෂ ජනපති ලෙස කටයුතු කරන කාලයේ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා  තානාපතිවරයා  ලෙස  වසර  2008 සිට 2014 දක්වා කාලය තුළ කටයුතු කළේය.


ඔහු මහින්ද, ගෝඨාභහ සහ බැසිල්  රාජපක්ෂලාගේ සමීපතම ඥාති සහෝදරයකි.

ඔහු විසින්  පිළිගත්  වරදට   දඬුවම් ලබා දීම විනිසුරු ටානියා එස්.චුට්කාන්  විසින් ලබන ජූලි මස 20   වැනිදාට කල් තබන අතර  අදාල චෝදනා හමුවේ ඔහුට වසර පහක උපරිම සිර දඬුවමක් සහ මූල්‍යමය දඩ නියම වීමට  නියමිත බව එම වාර්තාවේ සඳහන් වේ.

අධිකරණ ලේඛණවලට අනුව  2012 සහ 2013 නොවැම්බර් දක්වා කාලය තුළ වොෂින්ටනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය  සඳහා නව ගොඩනැගිල්ලක්  මිලදී ගැනීමට ඔහු  එම ගොඩනැගිල්ලට දක්වා තිබූ මිලට වඩා  ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහස් විසි හතක් වැඩියෙන් සඳහන් කර ඇති බව  මූල්‍ය විමර්ශන වලදී හෙළි දරව් වී ඇත.

එසේ ශ්‍රි ලංකා රජයෙන් එම මුදල ලබාගෙන දේපල ව්‍යාපාර  සඳහා  කිසිම සම්බන්ධයක් නැති සමාගම් දෙකකට එම මුදල් බැරකිරීමට කටයුතු කර ඇති බවට ඇමරිකානු විමර්ශන අංශ විසින් සිදුකරන ලද විමර්ශනවලදී හෙළිව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මෙම විමර්ශන අතරතුර වික්‍රමසූරිය අදාල මුදල් යළිත් ශ්‍රී ලංකා රජය වෙත යළි ලබා දීමට කටයුතු කර ඇති අතර  මේ මගින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අවාසියක් සිදුවී නැතත්  ඒ පිළිබඳව කළ විමර්ශනවලදී  තමන් කළේ වරදක් බව  වික්‍රමසූරිය විසින් පිළිගෙන ඇත.

 

Exit mobile version