ජනාධිපති අරමුදලට අවුරුදු 2කින් අතවත් තියා නෑ… අසරණයින් 7000ක අයදුම්පත් අත්හිටුවලා…

Pracident-Fund

දුප්පතුන්ට සහන ලබාදෙන හා වෛද්‍ය ශෛල්‍යකර්ම සඳහා මුදල් ලබා දෙන ජනාධිපති අරමුදලේ තිබූ රුපියල් බිලියන 4ක මුදලක්  ගෙවුණු දෙවසර තුළ භාවිතා වී නැතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු  සන්ඩේ ටයිම්ස් පුවත්පතට පවසා තිබේ.

ඒ අනුව සිදුකරන ලද සැත්කම් සඳහා හෝ යෝජිත සැත්කම් සඳහා මුදල් බලාපොරොත්තු වෙන පුද්ගලයින් 7000කගේ අයදුම්පත් අත්හිටුවා ඇත.

මේ වන විට එම අංශය භාර අතිරේක ලේකම්වරයෙකු මාරුකර යවා නව නිළධාරියෙකුට එම රාජකාරිය බාර දී ඇත්තේ ඉදිරි මාස තුන තුළදී එම ගැටලු විසදීමට උපදෙස් දෙමින් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අඩු වරප්‍රසාද සහිත දරුවන් සඳහා ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව ද වැඩි කිරීමට එම නිලධාරියාට උපදෙස් ලැබී ඇති අතර ආධාර බලාපොරොත්තු වෙන අයදුම්කරුවන්ට සිය ඉල්ලීම් අන්තර්ජාලය හරා යොමු කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ද නියමිතය.


Exit mobile version