ජනාධිපතිවරයාගේ සිට සියලු දෙනා කැප කිරීම් නොකෙළොත් රටේ ඉරණම හිතනවාට වඩා ඛේදනීය වෙයි…

නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්...

රට වැටී ඇති බිහිසුණු අනතුර තවමත් බොහෝ දෙනෙකුට නොතේරෙන බවත් ජනාධිපතිවරයාගේ සිට පහළට සියලුම දේශපාලකයින් මේ මොහොතේ අදාල කැපකිරීම් සිදු නොකළොත් රටට අත්වන ඉරණම අතිශය ඛේදනීය එක්ක වනු ඇති බවත්  ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අද නුවර දී පැවසුවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ වෘත්තීයවේදීන් එකමුතුවක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වරලත් ගණකාධිකාරීන්ගේ සංමය සමග එක්ව රටේ වෘත්තීයවේදීන්ගේ එකමුතුවක් ලෙස තමන් රට වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා 13කින් යුතු යෝජනාවලිය මල්වතු මහා නායක හිමියන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යය අමතමිනි.

රට බරපතල ආර්ථික අර්බුදයකට පත් වී ඇති අවස්ථාවේ දී දේශපාලන ස්ථාවරත්වයකින්  තොරව ආර්ථික ස්ථාවරය ගොඩනැගිය නොහැකි බවත් මේ  අවස්ථාවේ දි  සියලු දේශපාලන පක්ෂ එකතුවිය යුතුයි කියන  විශ්වාසය මේ රටේ වෘත්තිකයින් ලෙස තමන්ට ඇති බවත්  ඔහු පැවසුවේය.

“ අප යෝජනා කරන කරුණු 13ක යෝජනාවලිය තුළ මේ රටේ දේශපාලනය මෙන්ම ආර්ථිකය ස්ථාවර කරන සැලැස්ම තියනවා.  දැනට වෘත්තීය සංගම් ගණනාවක් අප එකතු කරගෙනන   තියනවා. ඉදිරියට අප ශක්තිමත් බලපෑම් කණ්ඩායමක් ලෙස      ජනතාව වෙනුවන් කැප කිරීමක් කරන්න කියලා  මේ රටේ දේශපාලනයට බල කරන්න කටයුතු කරනවා. මේ වෙලාවෙ දේශපාලකයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් ලෙස කටයුතු කළ යුතුයි. “


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම,  ජාතික රජයක් පිහිටුවා සියලුම දේශපාලන පක්ෂවලට පිළිගත හැකි අගමැතිවරයෙක් පත් කරගැනීම,  ස්වාධීන ආයතන බලගැන්වීම, වෘත්තිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථා සභාවක් පිහිටුවා කැබින්ට් මණ්ඩලයට උපදෙස් දෙන අවස්ථාවක් සැකසීම, මාස 06 -15 අතර කාලයක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම,  ඇතුළු යෝජනා ඇතුළත් සිය යෝජනාවලියට මල්වතු මහා නායක හිමියන්  ඉතාම ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ  බව නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් පැවසීය.

Exit mobile version