-
වෛද්‍ය පාදෙණිය ප්‍රියන්ත යාපා ආචාර්ය වීරක්කොඩි මගේ දැක්මට වෙනස්ව කටයුතු කළා
-
ලේකම් ධුරයෙන් ඉවත් කරන්න හේතුවූ ප්රශ්නය මහින්දානන්ද මහත්තයාගේ ද ජනාධිපතිවරයාගෙද කියලා දන්නේ නෑ
-
චීන පොහොර නැවේ ගනුදෙනුවට අගමැතිත් බලපෑම් කළා. මම හිටියෙ ඩොලර් මිලියන 6.7ක මුදල ඩොලර් මිලියන 1.7කට අඩු කරගන්න සටනක…
තමන් අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර අති බවට පණිවිඩවය ලැබුණේ චීන පොහොර වෙනුවෙන් අපට ගෙවන්නට සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල ඩොලර් මිලියන 1.7කට අඩු කිරීම සඳහා විශාල සටනක් කරගෙන යන අවසථාවකදී බවත් මේ වන තෙක් තමන්ට ඉවත් කළ නිශ්චිත හේතුව දන්වා නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ පවසයි.
අද චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.
සෞභාග්‍ය දැක්ම රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කිරීමේදී මුල් අවධියේ සිට තමන් මහාචාර්යවරයකු ලෙස මෙම කටයුතුවලට සම්බන්ධ වූ බව සඳහන් කළ මහාචාර්යවරයා ජනාධිපතිවරයාගේ එම දැක්මට අනුව 2030 වසරේ දී සම්පූර්ණයෙන් කාබනික ගොවිතැනට යන්නට කළ සියලු සැලසුම් එක රැයින් වෙනස් වන ආකාරයට ගැසට් නිවේදන නිකුත් වූ බවත් සඳහන් කළේය. තමන් එදා සිට මේ තරම් ඉක්මනින් මෙම කටයුත්ත සිදු කිරීම අසීරුය යන මතයේ සිටි බවත් අදාළ ස්ථානවලදී මේ මතය තමන් රජයට ඉදිරිපත් කළ බවත් පෙන්වා දුන්නේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.
“ මම ලේකම් ධුරයෙන් ඉවත් කරන්න හේතුවූ ප්රශ්නය මහින්දානන්ද මහත්තයාගේ ද අතිගරු ජනාධිපතිවරයාගෙද දන්නේ නෑ. නමුත් මේ පොහොර ප්රශ්නය පිළිබඳව මීට ටික දිනකට කලින් ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් තිබූ සාකච්ඡාවේදි කාබනික ප්‍රතිපත්තිය වෙනස් කරන්නේ නැති බවත්, මේ ආකාරයට යන්නට නොහැකි අය සිටිනවා නම් යන ලෙසත් ජනාධිපතිතුමා කිව්වා. ජනාධිපතිතුමා එහෙම කියනකොටත් එදාම හිතුණා මට යන්න වෙයි කියලා. ජනාධිපතිතුමා හරි හැටි අවබෝධයකින් වැඩ නොකරන බව තේරුණා. “
තම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතැමුන්ට විවේචන තිබූ බවත් මේ විවේචනවලට හේතුව සෞභාග්‍ය යේ දැක්ම අනුව කටයුතු නොකිරීම නොව ඔවුන්ගේ ඉලක්කයට අනුව තමන් කටයුතු නොකිරීම යැයි තේරුණ බවත් සඳහන් කළ මහාචාර්ය උදිත් කේ ජයසිංහ ප්‍රධාන ලෙසම චෝදනා කළේ වෛද්‍ය අනුරුද්ධ පාදෙණියටය.
“අප කෘෂිකාර්මික ප්‍රතිපත්තිය හදන වෙලාවේ ඒකාබද්ධව වැඩ කළා. මම කරපු වැඩපිළිවෙළ පිළිබඳව දොස්තර පාදෙණියගේ විරෝධයක් තිබුණා. ඒ ඇරෙන්න මා සමග මහාචාර්ය ප්‍රියන්ත යාපාත් මතවාදී ගැටුමක හිටියා. ඔහුට තිබුණෙ ඔහුගේම ආවේණික ගැටුමක් . රතන හාමුදුරුවෝත් එතන හිටියාට ගැටුමක් ආවේ නෑ. ඊට අමතරව පසු අස්වනු තාක්ෂණ ආයතනයේ ආචාර්ය වීරක්කොඩි මා සමග වෙනස් මතවාදයක හිටියා.“ ඔහු පවසයි.
තම මැදිහත් වීම මත රසායනික පොහොර තහනම් කිරීමේ ගැසට් නිවේදනය ආපසු හැරවීමට හැකි වූ බවත් තමන් එය මාධ්‍යයට කී විට කෘෂිකර්ම අමාත්‍යවරයා එවැන්නක් සිදු නොවූ බවට කළ ප්‍රකාශය අසත්‍යයක් බවත් හිටපු ලේකම්වරයා මෙහිදි අනාවරණය කළේය.
“මගේ ඉවත් කිරීම ආසන්නතම හේතුව සාගතයක් ඇතිවෙන්න පුළුවන් කියල ගන්නෝරුවේ කිව්ව කතාව කියල සමහරු කියනවා. මම අදටත් ඒ කතාව ඉල්ලා අස් කර ගන්න සූදානම් නෑ. ඒක ඊයේ සවස කියපු කතාවක් නෙවෙයි. සාගතයක් ඇති වුණොත් කන්න බොන්න නැති වුණොත් අපි වැරදි ප්රතිපත්තියක ගමන් කරන නිසයි. අපිට නිවැරදිව කළ හැකිව තිබූ දෙයක් වැරදියට කළ වෙලාවක එය නිවැරදි කරන මාර්ගයක මම ආවෙ.“