“ජනපති සහ ඇමතිවරුන් බහුතරයක් ඉන්නෙත් නැගෙනහිර පර්යන්තය නොදෙන තීරණයේමයි”

අගමැති තංගල්ලේදී කියයි

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකළ යුතු බව අමාත්‍ය මණ්ඩලයේ බහුතරයකගේ අදහස බවත් ජනාධිපතිවරයාත් මෙම මතයේම සිටින බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය.

තවදුරටත් මෙම පර්යන්තය මෙරට යටතේ පවතින බවත් අග්‍රාෙමාත්‍ය අවධාරණය කළේ අද තංගල්ල කාල්ටන් නිවසේදී මාධ්‍ය විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදි තවදුරටත්අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා. “ඇත්ත වශයෙන්ම කොළඹ වරාය පිළිබඳව අපට චෝදනා කරන්න දෙයක් නැහැ. අපි ඒක කාටවත් දෙන්නෙත් නෑ. විකුණන්නෙත් නෑ. බදු දෙන්නෙත් නෑ. ඒක අපේ පාලනය යටතේ තියෙනවා. මම හිතන්නෙ වෘත්තිය සමිතිත් ඒක දන්නවා. අපි බොහොම පැහැදිලිව වෘත්තිය සමිතිවලටත් කියන්නෙ දෙනවද කියලා අපි කිසි විටකෙ ඒ පිළිබඳව සාකච්ඡාවක්වත් කරලා නැහැ. ඒ නිසා ඒ පිළිබඳව ගැටලුවක් ඇතිවෙන්නෙ නැහැ. අපි කීයටවත් දෙන්නෙත් නැහැ.
මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩවර්ජන කරන්න දෙයක් නෑ. මට ඇවිල්ලා කිව්වා නම් මම ඇත්ත පැහැදිලි කරලා දෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න වැඩි දෙනා ඉන්නෙ විකුණන්න ඕන නෑ කියන පදනමේ.ජනාධිපතිතුමත් ඒ මතයෙ හැර දේපල විකුණන මතයෙ නැහැ. දේපල විකුණන එක අපේ ප්‍රතිපත්තිය නෙමෙයි නේ. ඒක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය. ඉතිං එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න නෙමෙයි අපට බලය දීලා තියෙන්නෙ. ඒක බොහොම පැහැදිලිව කියනවා” යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.


Exit mobile version